ඓතිහාසික මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ දී හෙට (18) සිට 27 දක්වා පැවැත්වීමට නියමිත ශ්‍රී දන්ත ධාතූන් වහන්සේගේ විශේෂ මහජන ප්‍රදර්ශනය සඳහා අවශ්‍ය මූලික කටයුතුවල සූදානම පරීක්‍ෂා කිරීමට ආරක්‍ෂක ලේකම් (විශ්‍රාමික) එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා ඊයේ (16) මහනුවර වෙත පැමිණියා.
ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර සිටියේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් අනුව, මෙම විශේෂ දළදා ප්‍රදර්ශනය අප්‍රේල් 18 වන දින ආරම්භ වීමට නියමිත බවයි.
එදින පස්වරු 3:00 සිට පස්වරු 5:30 දක්වා ද, ඉන් අනතුරුව අප්‍රේල් 19 සිට 27 දක්වා දිනපතා මධ්‍යහ්න 12:00 සිට පස්වරු 5:30 දක්වා ද, ශ්‍රී ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය පැවැත්වීමට නියමිත වනවා.
ඊයේ දින පැමිණි ආරක්ෂක ලේකම්වරයා මහානායක හිමිවරුන් බැහැදැකීමට ද ගියා.
ශ්‍රී ලංකාව පුරා විසිර සිටින බැතිමතුන් වෙත ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ සියැසින් දැකබලා ගැනීමට හා වැඳ පුදා ගැනීමට උදා වී ඇති මෙම දුර්ලභ අවස්ථාව බෙහෙවින් අගය කරන බවයි එහිදී ඔහු මහ නා හිමිවරුන් සමග කළ සුහද පිළිසඳරෙහි දී කියා සිටියේ.
Saru FM Media