අප්‍රේල් මාසයේ දී පැවැත්වීමට නියමිත සිරි දළදා දැක්මට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට රජය, මහනුවර නගර සභාව සහ දළදා මාළිගය හැර වෙනත් කිසිදු පාර්ශ්වයකට පවරා නැතැයි ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත නාහිමියෝ අවධාරණය කරති.
එමෙන්ම දළදා දැක්ම සඳහා පැමිණෙන බැතිමතුන් සංඛ්‍යාව අධික වුවහොත් දළදා දැක්ම පැවැත්වෙන කාල සීමාව දීර්ඝ කිරීමට සංවිධායක මණ්ඩලය තීරණය කර ඇති බවත් උන්වහන්සේ ප්‍රකාශ කරති.
සිරි දළදා දැක්ම අප්‍රේල් 18 වෙනිදා සිට 27 වෙනිදා දක්වා දින 10ක් මුළුල්ලේ පැවැත්වීමට මේ වනවිට කටයුතු සම්පාදනය කරමින් පවතී.
Saru FM Media