2026 පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඔස්ට්‍රේලියාවට එරෙහි තරගය සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 23කින් අද (13) ජය ගත්තේ ය.
පන්දුවාර විස්සයි-20 තරග ඉතිහාසයේ සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ ඔස්ට්‍රේලියාව පරාජය වූ දෙවැනි අවස්ථාව මෙය වේ.
සිම්බාබ්වේ අද ලැබූ මෙම ජය සැලකෙන්නේ ඔවුන් ඔස්ට්‍රේලියාවට එරෙහිව වසර 19කට පසු ලැබූ පළමු විස්සයි-20 තරග ජය ලෙසය.
අවසන්වරට ඔවුන් 2007 වසරේදී ඔස්ට්‍රේලියාව කඩුලු 3කින් පරාජය කර තිබුණි.
මෙම තරගය කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්විණ.
පළමුවෙන් පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් බ්‍රයන් බෙනට් සහ තඩිවංශේ මරුමුනෙයි අතර සබඳතාව ලකුණු 61කි.
තඩිවංශේ මරුමුනෙයි ලකුණු 35ක් රැස් කළේ ය.
රයක් බර්ල් ලකුණු 35කි.
ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වු ආරම්භක පිතිකරු බ්‍රයන් බෙනට් නොදැවී ලකුණු 64ක් රැස් කළේ පන්දු 56කින් ය.
4 පහර 7කින් ඔහුගේ ඉනිම වර්ණවත් විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 2ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 169කි.
පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි ඔස්ට්‍රේලියා කණ්ඩායමේ පළමු කඩුලු 4 ලකුණු 29කදී බිද වැටිණ.
ජොෂ් ඉංග්ලිස් ලකුණු 8කි.
නායක ට්‍රැවිස් හෙඩ් ලකුණු 17කට දැවී ගියේ ය.
සිම්බාබ්වේ පන්දු යවන්නන්ගේ දක්ෂතා හමුවේ ඔස්ට්‍රේලියා පිතිකරුවන් තුන් දෙනෙකුම කිසිදු ලකුණක් රැස් කිරිමට පෙර පිටියෙන් ඉවත් විය.
දක්ෂ පන්දු යැවීමක නිරත වූ බ්ලෙසිං මුසරබානි ලකුණු 17ට කඩුලු 4යි.
ඔහු අද පන්දුවාර 20යි 20 අංශයේ කඩුලු 100 සීමාවට ළඟා විය.
ලකුණු 170ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ඔස්ට්‍රේලියාවට සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 146ක් පමණයි.
Saru News










