හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානක මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට කැඳවා තිබෙනවා.
ඒ ආබාධයකට ලක්වූ ග්ලේන් පිලිප්ස් වෙනුවටයි.
හයිද්‍රාබාද්හිදී පැවති සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට එරෙහි තරගයේදී ග්ලෙන් පිලිප්ස් ආබාධයකට ලක්වුණා.
ඒ හේතුවෙන් ඔහුව තරගාවලියේ ඉතිරි තරගවලින් ඉවත් කර තිබෙනවා.
ඒ අනුව ගුජරාට් ටයිටන්ස් විසින් ශානකව ඉන්දීය රුපියල් ලක්ෂ 75කට (මෙරට රු.කෝ. 2.5කට වැඩි) මිලදී ගෙන තිබෙනවා.
ඔහු 2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදි ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට ක්‍රීඩා කළා.
ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි20 තරග 102කට ක්‍රීඩා කර ඇති දසුන් ශානක පන්දුවට පහරදීමෙන් ලකුණු 1456ක් ලබාගෙන ඇති අතර, ඊට අර්ධ ශතක 5ක් ඇතුළත්ව තිබෙනවා.
Saru FM Media