දරුවන් සමග ගනුදෙනු කරද්දී දෙමව්පියන්ටත් ඉතින් තරහ හිත් ඇති වීම පුදුමයක් නොවෙයි. ඒ නිසා සමහර වේලාවට දරුවන්ට පමණට වඩා එහෙම නැත්නම් ඔවුන්ට ඔරොත්තු නොදෙන විදිහට පවා දඬුවම් කිරීමට සිද්ධ වෙනවා. සමහර අවස්ථාවලදී දෙමව්පියන්ගේ සියලුම ආවේග පිට වෙන්නෙත් දරුවන් වෙතින්. ඇයි ඉතින් ලේසියට පහසුවට ඉන්නෙත් මේ පුංචි උදවියනේ. ඒත් මේ තත්ත්වය ඒ තරම් හොඳ දෙයක් නොවෙයි. ඒ නිසාම සමහර අවස්ථාවලදී දඬුවම් නොකළ යුතු සුළු සිදුවීමකට පවා අනවශ්‍ය විදිහට දඬුවම් පමුණුවන අවස්ථාවන් තිබෙනවා. ඒ සේරටම මුල්වන්නේ දෙම්ව්පියන්ටත් ඔවුන්ගේ කෝපය පාලනය කර ගැනීමට තිබෙන අපහසුවයි. ඒ හින්දා පුංචි පැටවුන්ට ඔවුන්ගේ පමණට ඔරොත්තු නොදෙන විදිහට ඇනුම්, බැණුම් විතරක් වගේ නොවෙයි, දෙමව්පියන්ගේ කෝපය නැති වෙනතුරම කෝටු පාර කන්නත් වෙනවා.
වයස අවුරුදු 10 ට අඩු දරුවන්ට දඩුවම් දිය යුත්තේ ඔවුන්ගේ වයසට අනුවයි. ඒ නිසා ඔවුන්ට බොහෝ විට දිය හැකි දඬුවම් විදිහට රූපවාහිනිය බලන වේලාව අඩු කිරීම, ගෙදර වැඩක් පැවරීම වැනි විවිධ විදිහට පුළුවනි. ඒ වගේම මේ දඬුවම දුන්නේ වරදට බැව් දරුවාට ඒත්තු ගැන්විය යුතුයි.
ඔබ බොහොම ලොකු කේන්තියකින් සිටිනවා නම් ඒ වේලාවට දරුවන්ට දඬුවම් කරන්න සූදානම් වෙන්න එපා. ඒ මොකද කිව්වොත් කොතැනින් කෙලවර වෙයිද දන්නේ නැහැ. ඒ නිසා කල් තබාම මේ වේලාවේ පොඩි කාට දඬුවම් කිරීම ගැලපෙනවාද…නැත්ද කියන තීරණය ගන්න පුළුවනි.
ඒ හින්දා දඬුවමට පෙරාතුව කාලයක් ගන්න. කාලයත් සමග ඔබේ කෝපය සමනය වෙනවා. මේ වගේ කතන්දර ඔබටත් ඇහිලා ඇති නේද? ”මට ඉන්න තැන නොතැන පේන්නේ නැතුව ගියා” ඒත් පුංචි අයට ඔබේ ජවය සහ කෝපය හිඳෙන තුරු දඬුවම් ලබන්න බැහැ. ඒ නිසාම හොඳම විසදුම තමයි පුංචි හෝ කාලයක් ගන්න එක. එවිට ඔබට ආවේශ වෙලා හිටිය යක්ෂයා ටිකක් මෙල්ල වේවි.
ඔබ දරුවාට දඬුවම් දෙනවා නම් ඒ වෙනුවෙන් අම්මා , තාත්තා දෙදෙනාම දැනුවත්ව සිටිය යුතුයි. බොහෝ නිවෙස්වල තාත්තා බොහෝ දේ දන්නේ නැහැ. ඊට හේතුව වී තිබෙන්නේ සමහර වේලාවට පියාගේ දඬුවම් ඉතාම අමානුෂික විදිහට වගේම ඔහුගේ ඉවසීමේ සීමාවක් නැතුව ලබා දෙන නිසා අම්මා වුනත් ඒ ගැන යම් බියක් දැක්වීමයි.
”මම සේරම වහගෙන හිටියේ තාත්තා ගහන්න ගියාම දරුවා මැරණත් පේන්නේ නැහැ, ඒ තරමටම කේන්ති යනවා” නමුත් එහෙම තමන්ව පාලනය කර ගැනීමට නොහැකි නම් ඔබ, මව/පියා කියන තැනට ගැලපෙන්නේ නැහැ. අපි දරුවන්ට දඬුවම් කරද්දී ටිකක් හිතන්න ඕන.
ඒ නිසා ඔබ කේන්තිය පාලනය කර ගත නොහැකි දෙම්විපිය චරිතයක් නම් දරුවාගේ ආරක්ෂාවට කවුරුන් හෝ සිටීමත් වැදගත්. එහෙම නැතුව පන්න පන්නා ගහන තැනට පත් වුනොත් දරුවා ඉතාම අසරණයි.
කේන්තිය පාලනය කර ගැනීමට දැන් මනෝවිද්‍යාත්මක උපදෙස් කීපයක් තිබෙනවා. මේවා විශේෂයෙන්ම දරුවන් සිටින දෙමව්පියන්ට ලබා දෙන උපදස් කීපයක්…
Saru FM Media