දරුණු උණසන්නිපාතය ගැන මේ තොරතුරු ඔබ දන්නවාද?

0
14


අවම මට්ටමේ සිට උපරිම මට්ටම දක්වා උත්සන්න විය හැකි වර්ගයේ රෝගයක් වන උණසන්නිපාතය පිළිබඳව මේ දිනවලත් කනින් කොනින් ඇහෙන්නට පටන් අරගෙන. අතීතයේදී නම් මේ රෝග තත්ත්වය නිසා බොහෝ දෙනෙක් මිය ගියා. අතීතයේදී මාරාන්තික රෝග තත්ත්වයක් ලෙස හැඳින් වූ උණසන්නිපාතය, අද වන විට අවශ්‍ය ප්‍රතිජිවක ඖෂධ සොයා ගැනීමත් සමගම (බිලිඳුන්ට සහ වයස අවුරුදු 60 ඉක්මවූ වැඩිහිටියන්ට අසාධ්‍ය තත්වයක් විය හැකි වුවත්) මාරාන්තික රෝග ගොන්නෙන් ඉවත් වුවා. මේ රෝග තතත්ත්වය පිළිබඳව නිසි අවබෝධයක් ලබා ගැනීම තුලින් සංකුලතා අවම කර ගනිමින් රෝගය සුව කර ගැනීමට ඔබට හැකියි.

සංවර්ධනය වෙමින් පවතින රටවල බහුලව දැකිය හැකි මෙම රෝග තත්ත්වය සැල්මොනෙලා ටයිෆි (Salmonella Typhi) යන බැක්ටීරියාව මගින් උදරයේ ඇතිවන අසාධන තත්ත්වයකි. එසේම සැල්මොනෙලා පැරා ටයිෆි (Para Typhi) බැක්ටීරියාව නිසා ද මෙම තත්ත්වයේ තවත් ප්‍රභේදයක් වන පැරා ටයිෆොයිඩ් උණ නම් වූ තත්ත්වය ද ඇතිවිය හැකියි.

රෝගී අයෙකුගේ මලපහ නිසි ලෙස බැහැර නොකිරීම හේතුවෙන් පරිසරයට මුදා හැරෙන සැල්මොනෙලා ටයිෆි නම් වූ බැක්ටීරියාව මගින් අපවිත්‍ර වූ ආහාර සහ ජලය මගින් නිරෝගී පුද්ගලයෙකුගේ සිරුරට ඇතුළු විය හැකිය. මීට අමතරව, රෝගී අයෙකු පිළියෙල කල ආහාර පාන අනුභව කිරීමෙන්ද උණසන්නිපාතය ඇතිවිය හැක.

දිගින් දිගටම බඩ බුරුල් වීම/වමනය/උණ පවතීනම් වෛද්‍යවරයෙකු හමුවී උපදෙස් ලබා ගැනීම වඩාත් සුදුසු වේ. වෛද්‍ය උපදෙස් අනුව අවශ්‍ය ප්‍රතිජීවක ඖෂධ ලබා දීම සිදු කෙරේ. ෆැරන්හයිට් අංශක 100ට වැඩි උණ තත්වයෙන් පෙලේ නම් බරට නියමිත පැරසිටමෝල් මාත්‍රාව ලබාදෙන්නට වෛද්‍යවරයා උපදෙස් ලබාදෙන අතර හැකි සැමවිටම දරුවා විජලනයට ලක්වීම වලක්වා ගැනීම සඳහා වැඩිපුර දියර වර්ග ලබාදෙන්න (බත් කැඳ/තැඹිලි වතුර/ජිවනි/වතුර/දොඩම් යුෂ). එය ප්‍රමාණවත් නොවේ නම් ඒ  බව වෛද්‍යවරයාට වැටහෙන අතර විජලනය තත්ත්වය වලක්වා ගැනීමට සේලයින් ලබා දීමට නියම කෙරේ.

මෙවැනි තත්වයකදී වෛද්‍යවරයෙකු හමුවී උපදෙස් ලබා ගැනීම තුළින් රෝගය සුව වීමට අවශ්‍ය නිසි ප්‍රතිකාර වෙත රෝගියා යොමු වනු ඇත.

උණසන්නිපාත තත්ත්වය හඳුනා ගැනීම සඳහා රුධිර රෝපිත පරික්ෂාව (Blood Culture) සහ සැල්මොනෙලා ප්‍රතිදේහ පරික්ෂණ (SAT) යන පරීක්ෂණ වෙත රෝගියා යොමු කෙරෙන අතරම එසේ යොමු කෙරෙන්නේ ඇතැම් අවස්ථාවලදී රුධිරයේ බැක්ටීරියාව ඉතිරි වී තිබීම හේතුවෙන් වරින් වර රෝගය ඇති විය හැකි අතරම එම පුද්ගලයා රෝග වාහකයෙකු ලෙසද ක්‍රියාත්මක විය හැකි බැවිනි. මෙසේ සිදු කෙරෙන රුධිර පරීක්ෂණ මගින් තවදුරටත් රෝගියාගේ රුධිරයේ මෙම බැක්ටීරියාව වෙසේ නම් අවශ්‍ය  ප්‍රතිජීවක ඖෂධ ප්‍රතිකාර මගින් තත්ත්වය සම්පුර්ණයෙන්ම සුව අතට හැරවිය හැකිය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here