දරු ප්‍රසූතියට රෝහල් ගත වෙන්නට පෙර බෑගය සකස් කර ගන්නට ඔබට අපෙන් උදව්වක්

0
14


දරු ප්‍රසූතිය සඳහා රෝහල්ගත වෙන විට ඔබට සහ දරුවාට අවශ්‍ය දේවල් සහිතව බෑගයක් සකස් කළ යුතුයි. මේ බෑගය සකසා ගන්නට ඔබට උදව්වක් ලබා දීමටයි අපි මේ ලිපියෙන් අදහස් කරන්නේ.

සාමාන්‍යයෙන් මේ බෑගය මාස හයෙන් පසුව සකස් කර තබන්න කියලා තමයි බොහෝ මව්වරුන්ට උපදෙස් ලැබෙන්නේ. ඔබ ඇතුළත් වෙන රෝහලෙන් හෝ ඔබේ පවුල් සෞඛ්‍ය සේවිකාවගෙන් මේ ලැයිස්තුව ඔබට අනිවාර්යයෙන් ලැබේවි.

රෝහල් ගත වීමට ඔබ දරුවා වෙනුවෙන් සකස් කළ යුතු භාණ්ඩ ලැයිස්තුව මේ ආකාරයි.

මේ හැරුණු විට ඔබ බේබි බෑග් එකක්, රෙදි වනන රැක් එකක්, දරුවා නෑවීමට අවශ්‍ය බේසම, කෝප්ප, බාතින් ශීට්ස්, තොටිල්ල, කොට්ට උර සහ කොට්ට ආදිය සූදානම් කර තබා ගන්න. ළදරු ඇඳුම් සහ නැපීස් ද ඔබේ ප්‍රදේශයේ කාලගුණ තත්වය අනුව සකස් කර ගැනීම අනිවාර්යය දෙයක්.

හදිසි අවස්ථාවකදී සූතිකාගාරයෙන් ශල්‍යාගාරයට ඔබව මාරු කර යැවීමටත් ඉඩ තිබෙනවා. ඒ නිසා සුදු චීත්තයක්
සුදු බෙඩ් ජැකට් එකක් වෙනම තබා ගන්න.

1. 20×20 නැපි 2
2. ළදරු ඇඳුමක්
3. බබා පිස දමන කපු රෙදි (36×36) එකක්
4. ප්ලැනල් රෙද්දක්
5. ළදරු ඇඳුමක් මේස් තොප්පි සහිත කට්ටලයක්.
6. පෙකණි කටුව

මේ රෙදිපිළි සියල්ල හොඳින් සෝදා මැද බෑග් වල අසුරා ගන්න. ලේබල් කරන්නත් අමතක කරන්න එපා. ඔබ ප්‍රසූතිය සිදු කරන්නේ රජයේ රෝහලකද පෞද්ගලික රෝහලකද යන්න සහ එක් එක් රෝහලින් රෝහලට ද මේ ලැයිස්තුවේ යම් වෙනස්වීම් තිබෙන්නත් පුලුවන් .ඒ නිසා ඔබට රෝහලෙන් ලබා දෙන ලැයිස්තුවකට අනුව ඔබේ භාණ්ඩ සූදානම් කර ගැනීම අනිවාර්යය දෙයක්.

(මේ ලැයිස්තුව ලබා ගත්තේ රජයේ පවුල් සෞඛ්‍ය නිලධාරිනියකගෙනි)

-නිබන්ධිකා-



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here