දත් බෙහෙත් (toothpaste) වලින් ඔබ මොනවද කරන්නෙ ?
වෙන මොනවද දත් මදිනව මිසක්.
ඔබටත් එහෙම හිතෙන්න ඇති නේද ? ඔන්න එහෙනම් අද ඉඳල ඒ මතය වෙනස් කරගන්න ඔබට පුළුවන්.
දත් බෙහෙත් වලින් ඔබ නොසිතන තරම් ප්‍රයෝජන ගන්න පුළුවන් බව ඔබ මේ ලිපිය අවසානයේදී වටහා ගනීවි.
එහෙමනම්, අපි බලමු දත් පිරිසිදු කරගන්නව ඇරෙන්නෙ මොනවටද අපිට දත් බෙහෙත් (toothpaste) පාවිච්චි කරන්න පුළුවන් කියල.
සීරීම් සලකුණු තියෙන ලෙදර් බෑග් හෝ සපත්තු ඔබට තියෙනව නම් ඔන්න දත් බෙහෙත් (toothpaste) වලින් ඒ සඳහා විසඳුමක් ලබාගන්න පුළුවන්.
මුලින්ම, සීරිම් තියෙන තැන්වල දත් බෙහෙත් (toothpaste) ස්වල්පයක් ආලේප කරලා මෘදු රෙදි කැබැල්ලකින් එතන පිරිමදින්න.
ඊට පස්සෙ තෙත රෙදි කැබැල්ලකින් දත් බෙහෙත් (toothpaste) ඉවත් කරගෙන පිරිසිදු කරගන්න.
සීරීම් ලකුණු ඉවත්වෙලා හොඳ දිස්නයක් ලෙදර් රෙද්දට ලැබිල තියෙන බව ඔබට දැකගන්න පුළුවන් වේවි.
ඔබේ කිරිකැරියාගේ කිරි බෝතලේ කිරි සුවඳ ඉවත්කරන්න අපහසුයිද ?
එහෙමනම්, ඊලඟට කිරි බෝතල් පිරිසිදු කරද්දි බෝතල් පිරිසිදු කරන බුරුසුවට (brush) දත් බෙහෙත් (toothpaste) ටිකක් දාල බෝතලය පිරිසිදු කරල බලන්න ඔබට පුළුවන්.
හොඳ නැවුම් සුවඳකුත් සමඟම බෝතලයත් හොඳින් පිරිසිදු වී ඇතිබව ඔබට දැකගන්න ලැබේවී.
පුංචි දරුවො ඉන්න ගෙවල්වල බිත්ති වල තියෙන පැස්ටල් සලකුණු හරිම සුලභ දෙයක්නෙ.
ඉතිං නැවත නැවත තීන්ත ආලේප කර බිත්තිවල පැස්ටල් සලකුණු මකා දමනවාට වඩා ලාභදායී විදිහට දත් බෙහෙත් (toothpaste) වලින් ඒ සලකුණු ඉවත් කරගන්න ඔබට පුළුවන්.
මේ සඳහා මුලින්ම, ජෙල් නොවන දන්තාලේප ස්වල්පයක් පැල්ලම් මත ආලේප කරගෙන පිරිසුදු බුරුසුවකින් හෝ මුඩ්ඩකින් ඒ මත හොඳින් අතුල්ලන්න.
ඊලඟට පිරිසිදු තෙත රෙදි කැබැල්ලකින් හොඳින් පිසදමන්න.
පැස්ටල් සලකුණු ඉවත්ව ඇති ආකාරය ඔබට දැන් දැකගන්න පුළුවන්.
මෙලෙසම බිම් ඇතිරිලි (carpet) වල ඇති පැල්ලම් ඉවත් කරගන්නත් ඔබට හැකියාව තිබෙනවා.
කෝප්ප වල පිරිසිදු කීරීමට අපහසු කහට පැල්ලම් ඇති ස්ථාන වල දත් බෙහෙත් (toothpaste) ස්වල්පයක් අතුල්ලා සාමාන්‍ය පරිදි වතුරින් පිරිසිදු කරගන්න.
වාහන ලාම්පු වල මීදුම් ලෙස බැඳී ඇති ස්වභාවය ඉවත් කරන්නත් පැහැදිලි පෙනුමක් ලබාදෙන්නත් දත් බෙහෙත් (toothpaste) වලට පුළුවන්.
ඒ සඳහා මුලින්ම, පිරිසිදු ස්පොන්ච් (sponge) කැබැල්ලක් මතට දත් බෙහෙත් (toothpaste) ටිකක් දමා එයින් වාහන ලාම්පුව රවුමට පිරිමදින්න.
ඊලඟට, පිරිසිදු තෙත රෙදි කබැල්ලකින් දත් බෙහෙත් (toothpaste) ඉවත් කල පසු හොඳ දීප්තිමත් පෙනුමක් වාහන ලාම්පු වලට ලැබී ඇතිබව ඔබට දැකගන්න පුළුවන්.
මෙලෙසින්ම ඔබේ නාන කාමරයේ කණ්ණාඩිය පිරිසිදු කරගන්නත් පුළුවන්.
විදුලි ස්ත්‍රික්කයේ බැඳී ඇති පැල්ලම් ඉවත් කරගන්න රත් නොවූ විදුලි ස්ත්‍රික්කයේ පැල්ලම් බැඳී ඇති තැන්වල දත් බෙහෙත් (toothpaste) ආලේප කර හොඳින් පිරිමැද පිරිසිදු තෙත රෙදි කැබැල්ලකින් දත් බෙහෙත් (toothpaste) ඉවත් කිරීමෙන් හැකියාව ලැබෙනවා.
ඉවුම් පිහිම් කටයුතු වලින් පස්සෙ ඔබේ අත් වලත් සුදුලූණු සහ මාළු සුවඳ රැඳී තිබෙනවා නම් අත්ලට දත් බෙහෙත් (toothpaste) ස්පල්පයක් ගෙන හොඳින් අතුල්ලා සෝදා හරින්න ඔබට පුළුවන්.
මදුරුවන් වැනි කෘමි සතුන් දෂ්ඨ කල පසු ඇතිවන කැසීම් වලක්වා ගන්නත් කුරුළෑ ඉක්මණින් ඉවත් කරන්නත් දත් බෙහෙත් (toothpaste) වලට පුළුවන්.
මේ සඳහා කෘමීන් දෂ්ඨ කල ස්ථානයේ දත් බෙහෙත් (toothpaste) ස්වල්පයක් ආලේප කරන්න.
ඒ වගේම රාත්‍රී කාලයේ කුරුලෑ මත ජෙල් නොවන සහ සම්පූර්ණ සුදු පැහැ නොවන දත් බෙහෙත් (toothpaste) ආලේප කර තැබීමෙන් උදේ වන විට කුරුලෑ වල විශාලත්වය අඩුවීම සහ ඉක්මණින් වේලීයාමත් සිදුවෙනවා.
ඉතිං මේ අවස්ථාවල් වලට ඊලඟ වතාවෙදි දත් බෙහෙත් (toothpaste) පාවිච්චි කරල බලන්නකෝ.
ප්‍රතිඵල අපිත් එක්ක බෙදාගන්න අමතක කරන්නත් එපා.
Saru FM Media