රෂිකා හෙන්නායක මාර්තු 13, කොළඹ LNW :
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දකුණු මුහුදේ සිදුකළ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය සහ ගිනිඅවි ප්‍රවාහනය කරමින් තිබූ බහුදින ධීවර යාත්‍රාවක් සහ තවත් සහායක යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම යාත්‍රා තුළ තිබී හෙරෝයින් සහ අයිස් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 654 කට අධික ප්‍රමාණයක් සමඟ T56, M16 සහ පිස්තෝල ඇතුළු අවි ආයුධ රැසක් සොයාගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් 10 දෙනා සහ අදාළ නීතිවිරෝධී ද්‍රව්‍ය වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දීමට කටයුතු කර ඇත.
මෙම පිරිස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර, අත්අඩංගුවට ගත් යාත්‍රා මේ වන විට දික්ඕවිට වරායට රැගෙන විත් තිබේ.
මෙම සම්පූර්ණ මෙහෙයුම මඟින් මුහුදු මාර්ගයෙන් සිදුවන මහා පරිමාණ ජාවාරමක් මැඩපැවැත්වීමට බලධාරීන් සමත්ව ඇති බව සඳහන් වේ.


The post දකුණු මුහුදේදී නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවේ සිටි සැකකරුවන් අද (13) අධිකරණය හමුවට! appeared first on LNW Sinhala.
Saru News
















