දකුණු මුහුදට ඔබ්බෙන් මුහුදුබත් වූ ඉරාන නෞකාවේ සිටි පුද්ගලයින් 140 දෙනෙකු අතුරුදන්වී ඇති බව ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.
ශ්‍රී ලංකාවට නාවික සැතපුම් 40ක් පමණ දුරින් මෙම ඉරාන යුද නෞකාව අනතුරට ලක්විය.
අනතුරට ලක්වන විට අදාළ නෞකාවේ පුද්ගලයින් 180ක් පමණ සිට ඇති අතර, ඉන් 32 දෙනෙකු බේරාගෙන ගාල්ල කරාපිටිය රෝහලේ මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටී.
‘IRIS Dena’ ලෙසින් හැඳින්වෙන මෙම නෞකාව අද (4) අලුයම අනතුරට ලක්වූ අතර, ඒ අවස්ථාවේදී එම නෞකාව සිදුකළ උදව් ඉල්ලීමේදී වහා ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා නාවික හමුදාව ඉහත පුද්ගලයින් බේරාගනු ලැබීය.
Saru News















