දකුණු ඉරානයේ වරායක පිපිරීමක් – පුද්ගලයින් 500කට වැඩි පිරිසකට තුවාල

0
7


දකුණු ඉරානයේ බන්ඩාර් අබ්බාස්හි ෂාහීන් රාජී වරායේ සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් 500කට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා. 

ඔවුන් රෝහල් ගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. 

එම වරායේ බහාලුම් කිහිපයක අදාළ පිපිරීම සිදුව ඇති බව සඳහන්. 

බහාලුම් මෙන්ම තෙල් ටැංකි සහ අනෙකුත් ඛනිජ රසායනික පහසුකම් සපයන වරායක් ලෙසටයි එම වරාය සැලකෙන්නේ. 

අදාළ පිපිරීමෙන් වරායට ද දැඩි ලෙස හානි සිදුව තිබෙනවා. 

එමෙන්ම පිපිරීමත් සමඟ එම වරායේ ගින්නක් ද හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

ගින්න නිවීම සඳහා ගිනි නිවන භටයින් කැඳවා තිබෙනවා. 

එම වරායේ සිදු වූ පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here