ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම අතර පැවති තරඟයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පහසු ජයක් හිමි වුණා.
තරඟය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වූ අතර පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 09ක් දැවී ලකුණු 235ක් රැස් කර ගත්තා.
ලකුණු 236ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 46යි පන්දු 03ක් තුළදී කඩුලු 05ක් පමණක් දැවී සිය ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තා.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් හර්ෂිතා සමරවික්‍රම ලකුණු 77ක් සහ කවීෂා දිල්හාරි ලකුණු 61ක් රැස් කළා.
ඔවුන් දෙදෙනා හතරවන කඩුල්ල සඳහා ලකුණු 128ක සබඳතාවක් පැවැත්වූ අතර එය ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් හතරවෙනි කඩුල්ල සඳහා ගොඩනැඟුණු හොඳම සබඳතාවයි.
පන්දු 93කින් ලකුණු 77ක් රැස් කරගත් හර්ෂිතා සමරවික්‍රමට තරඟාවලියේ වීරවරිය ලෙස සම්මාන දිනා ගත්තා.
Saru FM Media