දක්ෂිණ අධිවේගී මාර්ගයේ තදබදයක්

0
11


දක්ෂිණ අධිවේගී මාර්ගයේ තදබදයක් හටගෙන තිබෙනවා.

ඒ අද (18) පස්වරුවේ කොළඹ සිට දොඩම්ගොඩ දෙසට ධාවනය වූ පරිප්පු ලොරියක් කිලෝමීටර් 17 කණුව ආසන්නයේ දී අනතුරට ලක්වීම හේතුවෙන්.

ලොරියේ පසුපස රෝදය ගැලවී යෑමෙන් අනතුර සිදු ව ඇති අතර පසුව ලොරිය පෙරළී ගොස් තිබෙනවා.

මේ හේතුවෙන් එම ප්‍රදේශයේ දැඩි රථ වාහන තදබදයක් ද ඇති වූ බවයි වාර්තා වන්නේ.

අධිවේගී පොලීසිය පැමිණ මේ වනවිට රථවාහන තදබදය අවම කිරීමට කටයුතු සිදු කරමින් සිටිනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here