තෙවැනි වරටත් නිතරගයෙන් සහ සිව්වැනි වරටත් ශම්මි’

0
11


නිශ්මං රණසිංහ මාර්තු 31, කොළම LNW :

කොළඹ ග්‍රැන්ඩ් හී පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් 64 වන වාර්ෂික මහා සභා රැස්වීමට සමගාමීව පැවති ක්‍රිකට් නිලවරණයේදී සිව්වන වරටත් එහි සභාපතිවරයා ලෙස තේරී පත්වන්නට ශම්මි සිල්වා සමත් විය.ඔහු එහිදී පළමු අවස්ථාවේ හැරෙන්නට මෙවරත් සමඟ සභාපති ධූරයට තෙවරක්ම පත් වී ඇත්තේ නිතරගයෙන්ය.
මෙහිදී නිලවරණ කමටිටුවේ අධික්ෂණය ඇතිව ක්‍රියාත්මක වූ නිලවරණයේ දී 2025 – 2027 වර්ෂයන් සඳහා ශම්මි සිල්වා ඇතුළුව පත් වූ නව නිලධාරි මඬුල්ල ප්‍රකාශයට පත් කරන්නට යෙදුණේ එම නිලවරණ කමිටුවේ සභාපතිණිය වූ විශ්‍රාමික අභියාචණාධිකරණ විනිසුරුවරියක වන මාලනී ගුණරත්න ය.
වැඩ බලන ලේකම්වරයා ලෙස කටයුතු කළ ක්‍රිෂාන්ත කපුකොටුව මෙවරත් උප ලේකම් ධූරයට පත් වූ අතර ඔහු දැරූ ලේකම් ධූරය හිමි වුණේ බන්දුල දිසානායකට ය.සෙසු නිලතල වගකීම් තිබූ පරිදිම තව දුරටත් ඉදිරියේ දි ද ක්‍රියාත්මක වනු ඇත.
2025–2027 වාරය සඳහා පහත සඳහන් නිලධාරී මණ්ඩලය නිතරගයෙන් තේරී පත් විය.

http://www.sportwaynews.com/



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here