තෙල් ගැනයි මේ…

0
13


එදිනෙදා ආහාරයට තෙල් වර්ග එකතු කරගන්න එක සාමාන්‍ය දෙයක්. මොකද ආහාර වල රසය වගේම පෙනුමත් වැඩි කරන්න තෙල් වර්ග වලට හැකියාව තියෙන නිසා. එත් කොලොස්ටරෝල් වගේ රෝග නිසා ඇතැම් පිරිස් තෙල් ආහාරයට ගන්න දක්වන්නේ  බියක්.

සාමාන්‍යෙයන් අපි ආහාරයට ගන්න තෙල් අතර තියන ඔලිව් තෙල්, කැනෝලා තෙල්, ඉරිඟු තෙල්, තල තෙල්, වගේම සුරියකාන්ත තෙල් හා පිරිසිදු පොල්තෙල් ඒ තරම්ම සෞඛ්‍යයට අහිතකර නෑ. ඒත් පාම් තෙල් සහ මාගරීන් නම් ශරීරයට ඒ තරම්ම හිතර බවක් නැහැ.

දෛනිකව අපේ ශරීරයට අවශ්‍ය වෙන්නේ තෙල් හැඳි 3-5 පමණ ප්‍රමාණයක් පමණයි. අහාර වර්ග ගැඹුරු තෙලේ බැදිමත් ඒ තරම්ම ශරීර සෞඛ්‍යයට හිතකරයි කියන්න අමාරුයි. ඒ වගේම තමයි තෙල් කලු පැහැ වන තුරු අධික ලෙසට රත් කිරීමත් හොඳ දෙයක් නෙමෙයි.

වරක් භාවිතා කරපු තෙල් යළිත් පාවිච්චියට ගැනීම නම් ශරීර සෞඛ්‍යයට කෙහෙත්ම හිතකර දෙයක් නෙමෙයි.

තෙල් යොදා ගෙන ආහාර පිසින්න කළින් භාජනයට ජලය ස්වල්පයක් දාලා ඒ මතට තෙල් දැම්මොත් තෙල් අධික විදිහට රත් වෙන එක වලක්ව ගන්න පුළුවන්.

– එරන්දතී –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here