සටහන – රුවන් නෙළුගොල්ල
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් කටයුතු කළ තුසිත හල්ලොලුවගේ වාහනයට වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (මැයි 24) මහරගම ප්‍රදේශයේදී කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මෙසේ කාන්තාවක් ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
ඔවුන්ව අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මැයි 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කර ඇත.
Saru FM Media