තුරග තරග පිටියේදී පොලිසියට දරුණු ප්‍රහාරයක්

0
4

නිශ්මං රණසිංහ පෙබරවාරි 07, කොළඹ LNW:

චැම්පියන්ස් ලීග් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 8 අතර තරග වටයේ ඊයේ තුරග තරග පිටියේ පැවති තරගවලදී සෙරන්ඩිබ් කණ්ඩායම සහ ජාවාලේන් කණ්ඩායම ජය වාර්තා කරන්නට සමත් වුණා.සෙරන්ඩිබ් කණ්ඩායම සම ගැටුණේ පොලිස් කණ්ඩායමයි.එම තරගයේදී ගෝල 5-0 ක් ලෙස පහසු ජයක් ලබන්නට සෙරන්ඩිබ් කණ්ඩායම සමත් වුණා.තරගයේ මුල සිටම සෙරන්ඩිබ් කණ්ඩායම සියළු අංශවලින් ඉදිරියෙන් සිටි මේ තරගයේදී පළමු භාගය නිමාවන විටත් සෙරන්ඩිබ් කණ්ඩායම ගෝල 2-0 ක් ලෙසින් ඉදිරියෙන් සිටියා.දෙවන භාගයේදී ආක්‍රමණය තවත් තදින් ක්‍රියාත්මක කළ සෙරනඩිබ් ක්‍රීඩකයන් එම ගෝල සංඛ්‍යාවට තවත් ගෝල 3 ක් එක් කර ගත්තේ ප්‍රතිවාදීන්ට කිසිඳු ගෝලයක් ලබා ගන්නට අවස්ථාවක් නොදෙමින්.

සෙරන්ඩිබ් කණ්ඩායම ලැබූ ගෝල සංඛ්‍යාවෙන් තුනකම හිමිකරු වූයේ ඩාර්කෝ ජෝජ්.ඉතිරි ගොල් දෙක මොහොමඩ් රහුමාන් සහ විජයතුමාර් අභිෂාන් විසින් ලබා ගන්නට සමත් වුණා.

පොලිස් කණ්ඩායම සහ සෙරන්ඩිබ් අතර තරගයෙන් පසුව පැවති ජාවා ලේන් සහ නිව් ස්ටාර් තරගය වඩාත් තරගකාරි ස්වරූපයක් ගනු ලැබුවා.එහෙත් පළමු අර්ධයේම ජාවා ලේන් කණ්ඩායම ඔලවාසිඔන් ඔලවාලේ විසින් රැස් කළ ගෝලය සමඟ පෙරමුණට පැමිණියා.ඉන් අනතුරුව දෙපිළේම ආරක්ෂාව දැඩි වූ අතර කිසිඳු කණ්ඩායමක් තරගය නිමා වන තුරුම ගෝල වාර්තා කරන්නට සමත් වුණේ නැහැ.ඒ අනුව ජාවාලේන් කණ්ඩායම නිව්ස්ටාර් කණ්ඩායමට එරෙහිව ගෝල 1-0 ක් ලෙස තරගය ජය ගන්නට සමත් වුණා.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here