ත්‍රස්තවාදයෙන් රට මුදාගත් විරුවන් සිහි කෙරෙන ජාතික රණවිරු සැමරුම් උත්සවය අද පස්වරුවේ

0
3


එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදයෙන් රට මුදාගත් වීරෝධාර රණවිරුවන් සිහිපත් කෙරෙන ජාතික රණවිරු සැමරුම් උත්සවය අද පස්වරුවේ පැවැත්වෙනවා. 

2009 වසරේ මැයි මස 18 වනදා නන්දිකඩාල් කලපුවේදී එල්.ටී.ටී.ඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු එල්.ටී.ටී.ඊ නායකයින් මියයාමත් සමග වසර 30ක් පුරා රටම වෙළාගත් එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය මෙරටින් සහමුලින්ම අතුගා දැමීමට ත්‍රිවිධ හමුදා රණවිරුවන් සමත් වුණා. 

ඒ, යුද්ධයේ අවසන් දින කිහිපයේදී සිවිල් ජනතාව ද ආරක්ෂා වන ලෙස ලොවක් මවිත කළ මානුෂීය මෙහෙයුමක් දියත් කරමින්. 

පොලීසිය සහ සිවිල් ආරක්ෂක භටයින් ද එවක රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් නොනිමි මෙහෙවරක් ඉටු කළා. 

දශක තුනකට අධික කාලයක් පුරා මෙරට වෙළාගෙන පැවති කුරුරි ත්‍රස්තවාදය සහමුලිනුපුටා දැමූ විජයග්‍රහණයට උර දුන් වීරෝධාර රණවිරුවන් සිහිපත් කෙරෙන 16 වන ජාතික රණවිරු සැමරුම් උත්සවය අද පස්වරුවේ පැවැත්වෙන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිට පිහිටි රණවිරු ස්මාරකය අභියසදී අද පස්වරු 04.00ට ජාතික රණවිරු සැමරුම් උත්සවය ආරම්භ වනවා. 

ඒ පිළිබඳ අදහස් දැක්වූ රණවිරු සේවා අධිකාරියේ සභාපති, විශ්‍රාමික, බි්‍රගේජියර් සෙනරත් කොහොන මහතා.

Neth Sound · SENARATH 01


ජාතික රණවිරු සැමරුම් උත්සවයට සමගාමීව දිවයින පුරා ආරක්ෂක අංශවලට මැදිහත් වීමෙන් විවිධ සැමරුම් උත්සව ද සංවිධානය කර ඇති බවයි ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් විශ්‍රාමික සම්පත් තුයියකොන්තා මහතා පැවසුවේ.

 

Neth Sound · DEFENCE SAMPATH 01

මේ අතර අද දිනයේ පැවැත්වීමට නියමිත ජාතික රණවිරු සැමරුම් උත්සවයට සමගාමීව බත්තරමුල්ල ප්‍රදේශයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලිස් මූලස්ථානය දැනුම් දෙනවා.
 

පොලීසිය පැවසුවේ රණවිරු සැමරුම් උත්සවය පැවැත්වෙන බත්තරමුල්ල ප්‍රදේශයේ මාර්ග වසා තැබීමක් සිදු නොකරන බවයි. රථවාහන අවහිරතාවයක් ඇති වුවහොත් පොල්දූව මංසන්ධියේ සිට ජයන්තිපුර හරහා කියන්යෑම් හන්දිය දක්වා පාර්ලිමේන්තු මාර්ගයේ රථවාහන කොළඹින් පිටවීම හා කොළඹට ඇතුලුවීම සීමා කරන බවද පොලීසිය පැවසුවා.
 

ඒ අනුව කොළඹින් පිටවන වාහන සඳහා පොල්දූව මංසන්ධියෙන් බත්තරමුල්ල හංදිය දක්වා ගමන් කර පාලම් තුන හන්දියෙන් කියන්යෑම් හන්දිය දක්වා විකල්ප මාර්ග ඔස්සේ ගමන් කළ හැකියි. කොළඹට ඇතුළුවන වාහන සඳහා කියන්යෑම් හන්දියේ සිට පාලම් තුන හන්දියෙන් බත්තරමුල්ල හන්දිය දක්වා ගමන් කර පොල්දූව මංසන්ධියෙන් කොළඹ දක්වා විකල්ප මාර්ග භාවිතා හැකි බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here