තමන්ගේ ඇඳුමට ගැලපෙන බ්‍රේස්ලට් එකක් ‍තෝරගන්න කොල්ලෙක්ට උපදෙස් 7ක්!

0
11


කොල්ලෝ වුනහම ෆැෂන් කරන්න හරි කැමතියිනේ. ගොඩක් කොල්ලෝ කරන ෆැෂන් එකක් තමයි අතේ මොකක් හරි බඳින එක. හැබැයි ගොඩක් අය එහෙම අතේ බ්‍රේස්ලට් එකක් වගේ දෙයක් බඳින්නේ කැෂුවල් ඇඳුමකට විතරයි. සමහරු නම් වෙඩින් කිට් එකටත් අර සර්ෆින්ග් බ්‍රේස්ලට් බඳිනවා. අපි කියන්නේ තමන් අඳින ඇඳුමට, තමන් ඉන්න අවස්ථාවට ගැලපෙනවා නම් අතේ ඔරලෝසුව වෙනුවට බ්‍රේස්ලට් එකක් බැන්දට කමක් නැහැ කියලා තමයි. අන්න ඒ නිසා කොල්ලෙක් වුනහම බ්‍රේස්ලට් ‍තෝරාගැනීම ගැන දැනුමක් තියෙන එක වටිනවා!

 

1. ලෙදර් බ්‍රේස්ලට්

Bracelets

Image Source – httpfromaloft.info

ලෙදර් කියන්නේම එක්තරා විදියකට සුඛෝපභෝගීත්වයේ සංකේතයක්. අන්න ඒ නිසා ලෙදර් බ්‍රේස්ලට් එකක් කැෂුවල් ඇඳුමකට වගේම ඔ‍ෆිස් ඇඳුමකටත් මැච් කරන්න පුලුවන්. හැබැයි එකක්. ලෙදර් බ්‍රේස්ලට් එකක් ‍තෝරගන්න එක, ලෙදර් සපත්තු දෙකක් හෝ ලෙදර් වොලට් එකක් ‍තෝරගන්නවා වගේම තමයි. ඒ කියන්නේ නියම ලෙදර් වලින් නිර්මාණය කරපු ක්ලාස් එකක් තියෙන බ්‍රේස්ලට් එකක් තමයි ‍තෝරගන්න ඕන. ඒකට පහසුම ක්‍රමය තමයි හැම වෙලාවේම අනන් මනන් යකඩ කෑලි හැම තැනින්ම එල්ලෙන, පටි පටි ගොඩක් තියෙන ලෙදර් බ්‍රේස්ලට් එකක් වෙනුවට, පුලුවන් තරම් සිම්පල් ඒත් වැදගත් පෙනුමක් තියෙන ලෙදර් බ්‍රේස්ලට් එකකට යන එක. ඒක සමහර වෙලාවට තනි ලෙදර් පටි දෙකක් සහ ගාංචුවක් විතරක් වෙන්න පුලුවන්. හැම මොහොතකම හොඳ ලෙදර් බ්‍රේස්ලට් එකක් වෙනුවෙන් මුදලක් වැය කළාට කමක් නෑ.

හැබැයි එකක්, ඔ‍ෆිස් ඇඳුමකට ලෙදර් බ්‍රේස්ලට් එකක් මැච් වුනාට ෆෝමල් ඉවෙන්ට් එකකට අඳින ෆුල් සූට් එකකට ලෙදර් බ්‍රේස්ලට් එකක් ගැලපෙන්නේ නෑ.

 

2. සර්ෆින් බ්‍රේස්ලට්

Bracelets

Image Source – storenvy.com

සර්ෆින් බ්‍රේස්ලට් එකකට යනවා නම් බලන්න ඕන දේත් උඩ කිවුව වැදගත් පෙනුම තමයි. කොහොමත් සර්ෆින් බ්‍රේස්ලට් එකක් හදලා තියෙන්නේම කැෂුවල් ඇඳුමකට දාන්න පුලුවන් වෙන්නනේ. ඒ නිසා ඔය පටියක් දෙකක් වැඩිපුර තියෙන විදියේ සර්ෆින් බ්‍රේස්ලට් එකක් ‍තෝරගත්තට කමක් නෑ. හැබැයි අනවශ්‍ය තරම් විච්චූරණ තියෙනකොට සර්ෆින් බ්‍රේස්ලට් එකක් කැතයි. අනික් එක සර්ෆින් බ්‍රේස්ලට් වල ගොඩක් වෙලාවට ඔය මැද තියෙනවා මොකක් හරි සංකේතයක්. ඒක සාමයේ ලකුණ වෙන්න පුලුවන්. සතෙක්ගේ සංකේතයක් වෙන්න පුලුවන්. මේ කෝක වුනත් ඒ සංකේතය තමන්ට ගැලපෙනවද කියලා පොඩ්ඩක් බලන්න.

ෆෝමල් ඇඳුම් වලට සර්ෆින් බ්‍රේස්ලට් මැච් වෙන්නෙ නෑ!

 

3. පබළු නැතිනම් ඇට බ්‍රේස්ලට්

Bracelets

Image Source – amazon.com

බීඩඩ් බ්‍රේස්ලට් කියලා කියන ජාතියට අපි කියන්නේ ඇට ඇට තියෙන බ්‍රේස්ලට් කියලනේ. පබළු බ්‍රේස්ලට් කියන්නත් පුලුවන්. හැබැයි පබළු කිවුව ගමන් ගොඩක් දෙනෙක්ට සිහියට එන්නේ අර පොඩි ළමයින්ගේ අත් වල බඳින පොඩි පබළු. අපි කියන්නේ එව්වා ගැන නෙවෙයි. මේ අර ලොකු ඇට තියෙන පබළු වලින් හදපු බ්‍රේස්ලට්. මේ විදියේ බ්‍රේස්ලට් වල කැපී පෙනෙන වෙනසක් තියෙනවා. ඒ තමයි වැරදි බ්‍රේස්ලට් එකෙන් අපි චීප් කියන අදහස දකින අයට යන්න පුලුවන් වගේම හරි බ්‍රේස්ලට් එකෙන් අපි රිච් ලුකින් කියන අදහස දකින අයට යන්න පුලුවන්. ඇත්තටම රිච් ලුක් එකක් තියෙන බීඩඩ් බ්‍රේස්ලට් එකක් දැක්ක හැටියේම වෙනස තේරෙනවා. ඒ වගේ බ්‍රේස්ලට් එකක ගාංචුව වුනත් බොහොම ක්ලැසික් ලුක් එකක් තියෙනවා. හැබැයි එහෙම බ්‍රේස්ලට් පොඩ්ඩක් ගණන් වැඩියි.

බීඩඩ් බ්‍රේස්ලට් එකක් ඇඳුමකට මැච් කරන එක පොඩ්ඩක් කල්පනාකාරී වෙන්න ඕන දෙයක්. මොකද බීඩ් වල ප්‍රමාණය, නිමාව සහ වර්ණය මත තමයි ඒක තීරණය වෙන්නේ. ගොඩක් ලොකු නැති පබළු තියෙන, අඳුරු වර්ණයක බීඩඩ් බ්‍රේස්ලට් එකක් ස්මාට් කැෂුවල් ඇඳුමකට වුනත්, ෆෝමල් ඇඳුමකට වුනත් ගැටලුවක් නෑ. පොඩ්ඩක් ලොකු බීඩ් තියෙන, අර නවගුණ ඇට මාලයක් වගේ අතේ කීප විටක් ඔතන්න පුලුවන් බ්‍රේස්ලට් එකක් හොඳයි කැෂුවල් ඇඳුමකට. ඒකෙන් පොඩි ඔරියන්ටල් ලුක් එකකුත් එනවා. හැබැයි බීඩඩ් බ්‍රේස්ලට් ගන්නකොට ගොඩක් කැපිලා පේන දීප්තිමත් වර්ණ තියෙන ඒවා නම් ගැලපෙන්නෙ නෑ කියලා මතක තියාගන්න ඕන.

 

4. මළ නොබඳින වානේ බ්‍රේස්ලට්

Bracelets

Image Source – amazon.com

මෙන්න තවත් සැලකිලිමත් වෙන්න ඕන තැනක්! ස්ටීල් බ්‍රේස්ලට් ගත්තහම කොටස් කීපයක් තියෙනවා. එක්කෝ අර ලොකු දම්වැලක් වගේ එල්ලෙන බ්‍රේස්ලට්. එහෙම නැතිනම් ලෙදර් පටි වගේ තව අනන් මනන් කෑලි බෑලි එක්ක එකතු කරලා හදපු බ්‍රේස්ලට්. එහෙමත් නැතිනම් ඉතාම වැදගත් පෙනුමක් තියෙන තනි ස්ටීල් රවුමක් වගේ පේන, සිහින් පෙනුමක් තියෙන බ්‍රේස්ලට්.

ඇත්තටම ස්ටීල් බ්‍රේස්ලට් එකක් ඕනෑම තැනකට ගැලපෙනවා. ඕනෑම ඇඳුමකට මැච් වෙනවා. හැබැයි ඒක තීරණය වෙන්නේ තමන් ‍තෝරගන්න ස්ටීල් බ්‍රේස්ලට් වර්ගය අනුව. උදාහරණයක් විදියට කිවුවොත් දම්වැල් වගේ බ්‍රේස්ලට් එකක් ෆෝමල් ඇඳුමකට ගැලපෙන්න නම් සාමාන්‍යයෙන් කුඩා, අතෙන් ගොඩක් පහළට එල්ලෙන්නේ නැති එකක් වෙන්න ඕන. තනි රවුම් වළල්ලක් වගේ එකක් නම් අනවශ්‍ය කැටයම්, එල්ලෙන කෑලි බෑලි නැති වෙන්න ඕන.

තව දෙයක්. මේ බ්‍රේස්ලට් එක එක සයිස් වලින් එන්න පුලුවන්. එතකොට තමන්ට ගැලපෙන එක ‍තෝරගන්න ඕන තමන්ගේ ඇ‍ඟේ විදියට. උදාහරණයක් විදියට ඉතාම සිහින් වළල්ලක් වගේ ස්ටීල් බ්‍රේස්ලට් එකක් පොඩ්ඩක් ඇඟ පත තියෙන හාදයෙක්ට මැච් වෙන්නෙ නෑ. එහෙම කෙනෙක් වඩා පළල තියෙන බ්‍රේස්ලට් එකකට යන්න ඕන.

 

5. තඹ හෝ වානේ කලාත්මක බ්‍රේස්ලට්

Bracelets

Image Source – voylla.com

ඉස්සර මතකද මොන්ඩියල් කියලා පිස්සුවක් තිබුණා? ඒ කාලේ බාල මහළු හැමෝම මොන්ඩියල් දානවා. මොන්ඩියල් එකක් පළඳින්න ලොකුම හේතුව වුනේ ඒකෙන් ලෙඩ රෝග හොඳ වෙනවාය කියලා තිබුණු විශ්වාසය මිසක් ෆැෂන් එක නෙවෙයි. හැබැයි හිතලා බලන්න ඒ වගේ බ්‍රේස්ලට් එකක් ෆැෂන් ස්ටේට්මන්ට් එකක් වෙන්නේ නැද්ද කියලා?

මේ වගේ බ්‍රේස්ලට් එකක තියෙන්න ඕන කොන්දේසිය තමයි කලාත්මක වීම. ඒ කියන්නේ බොහොම සියුම් කැටයම් තියෙන, කලාත්මක නිමාවක් තියෙන බ්‍රේස්ලට්. මේවා එන්නේ වළල්ලක් විදියට මිසක් ගාංචු තියෙන බ්‍රේස්ලට් විදියට නෙවෙයි. මේ සමහරක් බ්‍රේස්ලට් වල ගල් අල්ලලා තියෙනවා. ඒ කොයි විදිය වුනත් මේ වගේ කලාත්මක බ්‍රේස්ලට් එකකින් ගොඩක් වෙලාවට පෙරදිග පෙනුමක් තමයි ලබාදෙන්නේ. හැබැයි මේ විදියේ බ්‍රේස්ලට් එකක් ෆෝමල් ඇඳුමකට දාන්න නම් බොහොම සරල, වඩා සිහින් පෙනුමක් තියෙන, විච්චූරණ නැති එකක් වෙන්න ඕන.

 

6. රබර් බ්‍රේස්ලට්

Bracelets

Image Source – aliexpress.com

මේ වලට අපි ලේසියට රබර් බ්‍රේස්ලට් කියලා කිවුවට, ඇත්තටම  මේ වලට කියන්නේ Cause Bands කියලා. ඒ කියන්නේ මොකක් හරි සමාජ ප්‍රගමන ව්‍යාපාරයක් වෙනුවෙන් අතේ පළඳින රබර් බ්‍රේස්ලට් එකක්. මේවා කිසිමාකාරයක කැටයම් නැති, බොහොම සරල රබර් වළල්ලක් විදියට තියෙන්නේ. මේවා එන්නේ දීප්තිමත් වර්ණයන්ගෙන්. පිට පැත්තේ මොකක් හරි ඒ Social Cause එක ගැන ගහලා තියෙනවා. ඒක “වන සම්පත සුරකිමු” වගේ එකක් වෙන්න පුලුවන්.

මේ විදියේ බෑන්ඩ්ස් ඇත්තටම කැෂුවල් ඇඳුමකට හොඳයි. හැබැයි මේ බෑන්ඩ් එකක දීප්තිමත් පාට සහ රිච් ලුක් එකක් නැති වීම නිසා පොඩි ෆන්කි ෆීලින් එකක් තමයි දෙන්නේ. ඒ හින්දා ෆුල් කැෂුවල් දවසකට මේ වගේ බෑන්ඩ් එකක් දැම්මට කමක් නෑ. හැබැයි එකක්. මේ වගේ බෑන්ඩ් එකක් දාන්න ඕන කලාතුරකින් මොහොතක මිසක් හැමදාම නෙවෙයි.

 

7. රත්තරන් හෝ රිදී බ්‍රේස්ලට්

Bracelets

Image Source – pinterest.com

සමහර කොල්ලෝ ඉන්නවා රත්තරන් හෝ රිදී වගේ වටිනා ලෝහයකින් හදපු බ්‍රේස්ලට් පෙන්නන්න බැරි. තව කොටසක් ඉන්නවා මේ වගේ බ්‍රේස්ලට් වලට ආස කරන. ඉතින් රත්තරනින් වගේ හදපු බ්‍රේස්ලට් එකක් දාන්න ආස කොල්ලෙක් ඉන්නවා නම්, හිතලා බලන්න ඕන කරුණු කීපයයි තියෙන්නේ.

මුලින්ම මේ වගේ බ්‍රේස්ලට් එකක් හැම වෙලාවේම සරල සහ ක්ලාසි ලුකින් වෙන්න ඕන. ඒක අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. හැබැයි මේ බ්‍රේස්ලට් එකක් දානකොට හරියට පාට මැච් කරන්න වෙනවා. උදාහරණයක් විදියට ගත්තොත් රත්තරන් බ්‍රේස්ලට් එකක් දානවා නම් තමන් අඳින ඇඳුමේ තියෙන අනෙක් ලෝහමය දේවලුත් ඒ පාට වෙන්න ඕන. ඒ කියන්නේ ෆුල් සූට් එකකට රත්තරන් දම්වැල් බ්‍රේස්ලට් එකක් දාලා, කෆ් ලින්ක්ස් හරි ටයි පින් හරි සිල්වර් වෙන්න බෑ. ඒක කැතයි. අනික මොන වටිනා ලෝහයෙන් හදන බ්‍රේස්ලට් එකක් වුනත් දිලිසෙන පෙනුමක් තියෙන එක ඒ තරම් ගැලපෙන්නෙ නෑ. ඇත්තටම මේක තීරණය වෙන්නේත් වටිනාකම මත. ගොඩක් වටින බ්‍රේස්ලට් එකක් නම් දිලිසෙන චීප් පෙනුමකට වඩා නියම රත්තරන් හෝ නියම රිදී එක්ක එන රිච් ලුක් එකක් තියෙනවා. හැබැයි මේ වගේ බ්‍රේස්ලට් එකක් ෆුල් කැෂුවල් ඇඳුමකට ගැලපෙන්නේත් නෑ.

The post තමන්ගේ ඇඳුමට ගැලපෙන බ්‍රේස්ලට් එකක් ‍තෝරගන්න කොල්ලෙක්ට උපදෙස් 7ක්! appeared first on Lifie.LK.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here