පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ පළමු ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබෙනවා.
ඒ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල නගර සභාවේ යි.
එහි ජය ජාතික ජන බලවේගයට හිමිවුණා.
ජාතික ජන බලවේගයට ඡන්ද 2260ක් හිමි ව ඇති අතර එය ප්‍රතිශතාත්මක ව 46.18ක්.
සභික ධුර 09ක් මාලිමාවට හිමිව තිබෙනවා.
සමගි ජන බලවේගයට ඡන්ද 1397ක් හිමි ව ඇති අතර සභික ධුර 05ක් ද දිනා ගැනීමට ඔවුන් සමත් වුණා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්ද 795ක් සහ සභික ධුර 03ක් ද හිමි ව ඇති බවයි දක්නට ලැබෙන්නේ.
එක්සත් ජාතික පක්ෂයට සහ සර්වජන බලය පක්ෂයට තංගල්ල නගර සභාවෙන් සභික ධුරයක් බැගින් හිමිවුණා.
Saru FM Media