චීනයෙන් ආනයනය කරන ලද ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවට ඩොලර් මිලියන 6.9 ක මුදලක් ගෙවීම සදහා උපදෙස් ලබා දුන් හිටපු අමාත්‍යවරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ. Sri Lanka Latest News
අදාල කාබනික පොහොර තොගය ප්‍රමිතියෙන් තොර බැවින් ඊට අදාලව නිකුත් කර තිබුණු ණයවර ලිපි අත්හිටුවීමට නියෝග කර තිබිය දී, එම ණයවර ලිපි නැවත විවෘත කිරීමට උපදෙස් ලබා දීම සම්බන්ධයෙන්, කෘෂිකර්ම අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම්වරයෙකු වූ මහේෂ් ගම්මන්පිල පසුගිය දා අත්අඩංග-ුවට ගනු ලැබී ය.
ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැව ලංකාවට ගෙන් වූ සමයේ කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස මහින්දානන්ද අළුත්ගමගේ කටයුතු කළ අතර, රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ලද්දේ ශෂීන්ද්‍ර රාජපක්ෂයි.
Saru FM Media