පසුගිය අවුරුදු කීපය පුරාම ඩෙංගු උණ පිළිබඳවත්, ඩෙංගු නිවාරණය පිළිබඳවත් විශාල වශයෙන් අප සමාජය තුළ කතා බස් කෙරුණත් බොහෝ පිරිසකගේ අවධානය දැන් ඒ පිළිබඳව අඩු වෙලා බවයි පෙනෙන්නේ.
නමුත් නැවත වැසි සමය ආරම්භ වීමත් සමගම ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ වැඩි ඉඩ කඩක් තිබෙන නිසා අපි නැවතත් මේ පිළිබඳව ඔබට මතක් කරන්න සිතුවා.
පසුගිය දශකය පුරා දරුණු ලෙස ලොව පුරා ව්‍යාප්ත වුණු දරුණු වසංගත රෝගයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ඩෙංගු රෝගය හඳුන්වනවා. වාර්ශිකව ලෝකය පුරා මිලියන 390ක ජනතාවක් මෙම රෝගයට ගොදුරු වනවා. පසුගිය වර්ශවල ලංකාව තුළත් ඩෙංගු රෝගය නිසා විශාල ජීවිත සංඛ්‍යාවක් අහිමි වූ අතර දැඩි අවධානම් තත්වයක් සමාජය තුළ මතු වී තිබුණා.
මේ නිසාම ඩෙංගු රෝගය පිළිබඳව දැඩි අවධානයක්ද සමාජය තුළ තිබුණා. කෙතරම් අවධානම් රෝගයක් වුවත් වැලදීමට ප‍්‍රථම එම රෝගයෙන් ආරක්ෂා වීමට විධි විධාන සලසා ගතහොත් එනම් දරුණු රෝගී තත්වයන් වුවත් වලක්වා ගන්න අපට පුළුවන්. ඒ නිසාම නැවතත් ඩෙංගු රෝගය පිළිබඳ ඔබ දැනගත යුතුම කරුණු කිහිපයක් මතක් කර දීම අපේ උත්සහයයි.
වැනි තත්ත්වයන් රෝගියා තුළින් නිරීක්ෂණය වෙනවා නම් හැකි ඉක්මනින් වෛද්‍යවරයෙකු වෙත රෝගියා යොමු කරන්න.
මෙවැනි සුළු සුළු කරුණු පිළිබඳ අවධානය යොමු කිරීම තුළින් වැසි සමයත් සමග නැවත හිස ඔසවන ඩෙංගු රෝගය සාර්ථකව නිවාරණය කර ගැනීමට අපට හැකි වේවි.
Saru FM Media