ඩිජිටල් කෘෂිකර්මාන්තයක් වෙනුවෙන් වන CROPIX පද්ධතිය නිල වශයෙන් එළිදැක්වෙයි

0
10

දත්ත මත පදනම් වූ ඩිජිටල් කෘෂිකර්මාන්තයක් වෙනුවෙන් ජාතික ඩිජිටල් වේදිකාව වන CROPIX පද්ධතිය නිල වශයෙන් එළිදැක්වීම කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) පැවැත්වුණි.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) එක්ව ගේට්ස් (Gates Foundation) මූල්‍ය අනුග්‍රහය ඇතිව සම සත්කාරය දරන ලද මෙම දත්ත පද්ධතිය තුළින් කෘෂිකර්මික පාලනය නවීකරණය කිරීම, සේවා සම්පාදනය වැඩිදියුණු කිරීම සහ ක්ෂේත්‍රය පුරා සාක්ෂි මත පදනම් වූ තීරණ ගැනීම ශක්තිමත් කිරීමට අපේක්ෂා කරයි.

මෙම අවස්ථාවට එක්වෙමින් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා අදහස් පළ කලේය.

“අපේ රටේ කෘෂිකර්මය අලුත් යුගයකට පත්කරන ඩිජිටල් පරිවර්තන ගමනක් නිල වශයෙන් ආරම්භ කරන මේ ජාතික වැදගත් අවස්ථාවක කතා කරන්න ලැබුණු එක භාග්‍යයක්. තොරතුරු තාක්ෂණ පද්ධතියක් හඳුන්වා දීමට සම්බන්ධ ‍වුණු කණ්ඩායමක් නෙවෙයි මේක. රජයක් විදිහට කෘෂිකර්මය සැලසුම් කරන ආකාරය දැනට තිබෙන විශාල අභියෝගයක්.
අපිට සමහර දේවල් එහෙ මෙහෙ වෙනවා. සැලසුම් කිරීමේ ගැටළු තවම තියෙනවා. ඒ නිසා සමහර දේවල් ආනයනය කරන්න වෙනවා.
රාජ්‍ය ආයතන එකිනෙකා සමඟ කටයුතු කරන ආකාරය රටේ තිබෙන දැවෙන ප්‍රශ්නයක්. රාජ්‍ය ආයතන එකකට එකක් තමන්ගේ අනන්‍යතාවය මත්තේ ඉන්න තත්ත්වයක් තියෙන්නේ.
ගොවියාට රාජ්‍ය සේවය ළඟාවන ආකාරය මූලිකව වෙනස් කරන ජාතික ප්‍රතිපත්තිමය පරිවර්තනයක් අවශ්‍යයි. කෘෂිකර්ම උපදේශක මහතා, කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර මහතා තමයි උඩ ඉන්න අපියි ගොවි ජනතාවයි සම්බන්ධ කරන පුරුක.
අද මේ කතා කරද්දිත් එතන සෑහෙන්න දුර්වලයි. මේ උත්සාහයෙන් එතන සෑහෙන ප්‍රමාණයකට පිළිතුරක් ලැබෙනවා. FAO ආයතනය වුණු කැපවීම ඉතාම වැදගත්. ඒ වගේම Gates ආයතනය. ආහාර සුරක්ෂිතතා කමිටුව ක්‍රියාත්මක වීමේදී අපට බලපාන ප්‍රබල ගැටළුව තමයි දත්ත හිඟකම.
මෙවර අපි බඩඉරිඟුවලට රුපියල් 140ක්වත් දෙන්න. කීරී සම්බාවලට අපි රුපියල් 140ක් දෙන්න. කීරී සම්බා නිෂ්පාදනය ඉහළ නංවන්න නම් මිල ඉහළ දැමිය යුතුයි.
දත්ත පද්ධතිය එළි දක්වමින් අද අපි මෙහි පළමු පියවර තැබුවා. තවත් ඉදිරියට පියවර තැබිය යුතුයි.”

මෙම අවස්ථාවට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ මහතා, FAO ආයතනයේ නිලධාරීන්, Gates Foundation ආයතනයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here