ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

0
8


සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ ප්‍රධාන සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහුගේ ඝාතනය සම්බන්ධයෙන් මීට පෙර කාන්තාවන් දෙදෙනෙකු ඇතුලු 7 දෙනෙකු පොලිස් භාරයට ගැනුනා.

අත්අඩංගුවට ගත් එම කාන්තාව ඩෑන් ප්‍රියසාද්ගේ බිරිඳගේ නැගණිය බවයි පොලිසිය කියා සිටියේ.

පසුගිය 22වනදා රාත්‍රියේ වැල්ලම්පිටිය ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ උඩු මහලක දී සිදුවූ වෙඩි තැබීමකින් ඩෑන් ප්‍රියසාද් නැමත්තා ජීවිතක්ෂයට පත් විය.

යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙකු පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් වෙඩිතැබීම සිදුකර ඇති බවට අනාවරණය වී තිබුනා.

මෙම සිද්ධියට අදාළව මේ වන විට පුද්ගලයින් 10 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලීසිය සඳන් කර සිටියේ 
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here