ටිල්වින්, ගුජරාටයේ මහ ඇමති හමුවෙයි

0
3

සංස්කෘතික සබඳතා පිළිබඳ ඉන්දීය කවුන්සිලයේ (ICCR) ආරාධනයක් මත ඉන්දියාවේ සංචාරයක නිරතව සිටින ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ ගුජරාට් ප්‍රාන්තයේ මහ ඇමති ශ්‍රී භූපේන්ද්‍ර රජනිකාන්ත් පටෙල් (Shri Bhupendra Rajnikant Patel) අතර හමුවක් සිදුව තිබේ.

ගුජරාට් ප්‍රාන්තයේ ඉදිරි සංවර්ධනය මෙන්ම කර්මාන්ත ආශ්‍රිත දියුණුව පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර ඇත.

එමෙන්ම ඉදිරියේදී ශ්‍රී ලංකාවේ කර්මාන්ත, සංචාරක, ඇඟලුම් වැනි කර්මාන්ත සංවර්ධනය සඳහා සහයෝගයෙන් කටයුතු කිරීම පිළිබඳවත් අදහස් හුවමාරු කර ගෙන තිබේ.

ගුජරාට් ප්‍රාන්තයේ මැදිහත්වීමෙන් සර්වඥ ධාතුන් වහන්සේ ලංකාවට වැඩමවා ලංකාවේ බෞද්ධ ජනතාවට වන්දනා කිරිමට අවශ්‍ය කටයුතු සැලැස්වීම පිළිබඳවත්, දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් මොහොතේ ශ්‍රී ලංකාවට දැක්වූ සහයෝගයත් එහිදී සිහිපත් කළ ටිල්වින් සිල්වා මහතා ඒ සම්බන්ධව සිය ස්තුතිය ද පළ කර ඇත.

ඔහු මෙම සංචාරයේදී නවදිල්ලි සහ කේරළ ප්‍රාන්තවලද සංචාරය කිරීමට නියමිත අතර එම ප්‍රාන්තයන්හි මහ ඇමතිවරුන් සමගද සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here