ටිරාන් අලස්ට CIDයෙන් කැඳවීමක්

0
12


හිටපු හිටපු මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් හෙට (31) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.
ඒ අනුව ඔහුට හෙට පෙරවරු 10.00ට එම දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇත.
එසේ කැඳවා ඇත්තේ ඉකුත් 2023 වසරේ මාතර, වැලිගම “W15” හෝටලයට වෙඩිතැබීම සහ එහිදී කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් සැරයන්වරයෙක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සදහාය.
මෙම සිද්ධියට අදාළව එවකට වැඩබල පොලිස්පතිව සිටි දේශබන්දු තෙන්නකෝන් මනුෂ්‍ය ඝාතනයක් සඳහා කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව යටතේ මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here