ටිම් බූන් ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරණ උපදේශක ලෙස එක්වෙයි

0
4


ලෙස්ටර්ෂයර් සහ එංගලන්ත වයස අවුරුදු 19 න් පහළ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ Timothy James Boon ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකවරයෙකු ලෙස පත් කර තිබෙනවා.

මැයි 8 වන දින සිට බලපැවැත්වෙන පරිදි මාසයක කොන්ත්‍රාත්තුවක් මත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පුහුණුකරුවෙකු සහ ඉහළ කාර්යසාධන උපදේශකයෙකු ලෙස ටිම් ව බඳවාගෙන ඇති බවයි පැවසෙන්නේ.

2005 අළු බඳුන ජයග්‍රහණයේ දී ඩන්කන් ෆ්ලෙචර් යටතේ එංගලන්ත කණ්ඩායම් විශ්ලේෂකයෙකු ලෙස කටයුතු කළ ටිම් බූන්, ශ්‍රී ලංකා කාන්තා ජ්‍යෙෂ්ඨ සහ A-කණ්ඩායම් සංචිත සඳහා මෙන්ම පිරිමි නැගී එන කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 17 න් පහළ කණ්ඩායම සඳහා ද පිතිකරණ උපදේශකයෙකු ලෙස කටයුතු කරනු ඇති.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය නිවේදනයකට අනුව, බූන්ගේ වැඩසටහනට ” සමස්ත පිතිකරණ ප්‍රවේශය සහ පුද්ගල කාර්ය සාධනය වැඩිදියුණු කිරීම අරමුණු කරගත් තාක්ෂණික සහ උපායශීලී සැසි” ඇතුළත්.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here