ටිපර් රථයකට පොලිසියෙන් වෙඩි

0
3


අනවසරයෙන් වැලි පටවාගෙන ගිය ටිපර් රථයක රෝදවලට වෙඩි තබා, එම රථය නවත්වා ඊයේ (20) අත්අඩංගුවට ගත් බව
යාපනය කොඩිකාමම් පොලිසිය පවසනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ කොඩිකාමම්, වරණි ප්‍රදේශයේ දී මෙම රථය පොලිස් භාරයට ගත් බවයි.

යාපනය – පලෙයි ප්‍රදේශයේ සිට අනවසරයෙන් වැලි ප්‍රවාහනය කළ ටිපර් රථයක් නවත්වන ලෙසට පොලිස් නිලධාරීන් සිදුකළ අණ කිරීමක් නොතකා ධාවනය කළ ටිපර් රථයක රෝදවලට මෙලෙස වෙඩි තැබීමට සිදු වූ බව පොලිසිය පවසනවා.

පොලිස් නිලධාරීන් අවස්ථා දෙකකදී අණ නොතකා ධාවනය කළ ටිපර් රථය නවත්වන ලෙසට නියෝග කර තිබුණ ද, ටිපර් රථ රියදුරු පොලිස් අණ නොතකා ධාවනය කර ඇති බවයි වාර්තා වන්නේ.

පොලිස් වෙඩි තැබීම් හමුවේ ටිපර් රථය නැවතුණ ද සැකකරුවන් පලා ගොස් තිබෙනවා.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිස් විමර්ශන ක්‍රියාත්මක අතර අත්අඩංගුවට ගත් ටිපර් රථය යාපනය, චාවකච්චේරි මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here