ටැටූ අපේ සමට හොඳයි ද? නරකයි ද?

0
11


කලාවක්, විලාසිතාවක්, විනෝදාංශයක් එහෙමත් නැත්නම් අනන්‍යතාවයක් විදිහට අද වෙද්දී ලෝකය පුරා වගේම ලංකාවෙත් ටැටූ කලාව අතිශයින්ම ජනප්‍රිය වෙලා තියනව කියල ඔබ දන්නවා. 

මේ වෙද්දිත් ඔබ ඔබේ සිත්ගත් ටැටූ එකක හිමිකාරයෙක් වෙන්න ඇති. එහෙමත් නැත්නම් ටැටූ එකක් වෙනුවෙන් සිහින දකින කෙනෙක් වෙන්නත් ඇති. ඒ කොහොම වුනත් ටැටූ එකක් කියන්නෙ ඔබේ සම මත සාදාකාලයටම පවතින්න කරන නිර්මාණයක් නිසා ඒ ගැන දැනුවත් වීම ඉතාම වැදගත් දෙයක්. 

අන්න ඒ නිසා, ටැටූ එකකින් අපේ සමට ඇතිවෙන්නෙ කොයි වගේ බලපෑමක්ද කියල ඔබත් එක්ක කරුණු බෙදාගන්න smart lady අපි තීරණය කරා. 

මේ ලිපියෙන් පස්සෙ ටැටූ එකක් කරගනිද්දි ඔබ කොයිතරම් සැළකිලිමත් වෙන්න ඕනද කියල ඔබට වැටහේවි කියල අපි විශ්වාස කරනවා. 

ටැටූ කරන්නෙ කොහොමද?

ටැටූ එකක් එහෙමත් නැත්නම් පච්චයක් කියන්නේ, ඒ සඳහා යොදාගන්න එයටම විශේෂිත වූ තීන්ත වර්ගයක් යොදාගෙන, සම මත ස්ථීරවම ඇති කරන යම් සලකුණක් එහෙමත් නැත්නම් මෝස්තරයක් කියල හඳුන්වන්න පුළුවන්. 

ටැටූ නිර්මාණ ශිල්පියෝ මේ සඳහා අතින් ක්‍රියාකරවිය හැකි සහ ගෙන යා හැකි මැෂිමක් වැනි යන්ත්‍රයක් යොදාගන්නව ඔබ දැකල ඇති. 

මේ යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වය බොහෝ දුරට මහන මැෂිමක ක්‍රියාකාරීත්වයට සමානයි කියල අපිට කියන්න පුළුවන්. 

ඔබේ සම බොහෝ වාරයක් සිදුරු කරන ඉඳිකටු මේ යන්ත්‍රය සතුව පවතින අතර ඒවා මඟින් සිදුකරන සෑම සිදුරු කිරීමකදීම, ඉතා කුඩා තීන්ත ප්‍රමාණයක් ඔබේ සමේ මතුපිටම ස්ථරය මත තැම්පත් වීමත් සිදුවෙනවා. 

ඉතාම කුඩා ලේ වහනයක් වගේම තරමක වේදනාවක්ද පච්ච කෙටීමේ ක්‍රියාවලියේදී අපිට අත්දකින්න ලැබෙනව. මේ වේදනාව නැතිවෙන්න ආලේප කරන්න පුළුවන් ඖෂධ තියෙනව වුනත් ඒවා භාවිත කිරීම ඉතාම අඩුවෙන් තමයි සිදුවෙන්නෙ. 

අවදානම හඳුනා ගන්න

පච්ච කෙටීමේ ක්‍රියාවලියේදී අපේ මතුපිට සමට හානි වෙනවා එහෙමත් නැත්නම් සම බිඳී යනව කියල ඔබට දැන් අවබෝධයක් තියෙනවනේ. 

ඒ කියන්නේ බිඳී ගිය ස්ථරය තුළින් අපේ ශරීරයට හෝ සමට යම් යම් ආසාදන පැතිරෙන්න පුළුවන් වගේම විවිධ සෞඛ්‍ය ගැටළු ඇතිවීමේ අවදානමකුත් තියෙනවා.

ඒවා අතර ප්‍රමුඛ ගැටළු කීපයක් මේ විදිහට හඳුනාගන්න පුළුවන්. 

ආසාත්මිකතා

ටැටූ / පච්ච සඳහා භාවිතා කරන තීන්ත නිසා ඇතිවෙන ආසාත්මිකතා ඉතාම සුලභව වාර්තා වෙන බවයි සඳහන් වෙන්නෙ. 

මේ ආසාත්මිකතා පච්ච කෙටීමෙන් දවස් කීපයක් තුළඳී වගේම අවුරුද්දක් වැනි කාලයකට පසුව වුනත් ඇතිවෙන්න පුළුවන්. 

රතු වර්ණයේ තීන්ත ආසාත්මික වීමේ වැඩි ප්‍රවණතාවයකුත් දකින්න ලැබෙනවා කියායි හඳුනාගෙන තිබෙන්නේ.   

සමේ ආසාදන

නිසි ප්‍රමිතියකින් තොර තීන්ත සහ විෂබීජහරණය නොකළ උපකරණ භාවිතය සමේ ආසාදන ඇතිවීමට ප්‍රධානතම හේතුව විදිහට හඳුනාගන්න පුළුවන්. 

නිවැරදි ආරක්ෂක ක්‍රමවේදයන් අනුගමනය නොකරන පච්ච කෙටීමේ / ටැටූ කිරීමේ මධ්‍යස්ථානයක සේවාව ලබාගැනීමෙනුත් සමේ ආසාදන ඇතිවීමේ අවදානම වැඩි බව ඔබ සිහිතබා ගත යුතුයි. 

සමේ ඇතිවෙන වෙනත් ගැටළු

සමහර අවස්ථා වල ටැටූ කරන ලද / පච්චා කොටන ලද ප්‍රදේශය වටා තරමක් ඉඳිමුණු දැවිල්ල සහිත තත්වයක් ඇතිවෙන්න පුළුවන්. 

මේ තත්වය granuloma ලෙස හඳුන්වනවා. 

රුධිරය හරහා පැතිරෙන රෝග

පච්ච කෙටීමේදී ඇතිවෙන්න පුළුවන් ඉතාම භයානක ගැටළුවක් විදිහට රුධිරය හරහා ආසාදනය විය හැකි රෝග ආසාදනය වීම හඳුනාගන්න පුළුවන්. 

නිසි ප්‍රමිතියකින් තොර / විෂබීජහරණය නොකළ / අපිරිසිදු උපකරණ භාවිතා කිරීම මීට හේතුව ලෙස හඳුනාගන්න පුළුවන්. 

මේවාට අමතරව MRI පරීක්ෂණ කිරීමේදී පච්ච කොටන ලද ස්ථානය වටා යම් වේදනාවක් සහ දැවිල්ලක් ඇතිවීමේ අවස්ථාත් ඉතාම කලාතුරකින් දකින්න ලැබෙනව වගේම ටැටූ මඟින් MRI පරීක්ෂණ වලදී ලබා ගන්න ඡායාරූප වල ප්‍රමිතියට යම් යම් ගැටළු ඇතිකරන බවටත් මතවාද පවතිනවා. 

අවදානමට පෙර සූදානමින් වෙන්න

පච්ච කෙටීමේදී ඇතිවෙන මෙවැනි ගැටළු වලින් මිදෙන්න ඔබ පහත කරුණු ගැන අවදානයෙන් සිටීම ඉතාම වැදගත්. 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here