ට්‍රම්ප්ට එරෙහිව ඇමරිකාව පුරා විරෝධතා

0
12


සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් 05; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බිලියනපතියන්ගේ සහාය ලබන න්‍යාය පත්‍රයකට අනුකුලව තීරුබදු හඳුන්වා දීම , අධිකාරි බලය ඉක්මවා යාම, පොදු සේවාවන් හා ප්‍රජාතන්ත්‍රවාදය අතිශය ධනවතුන්ට භාර දීම සම්බන්යෙන් වොෂින්ටන් ඩීසී, ෆ්ලොරිඩා හා රටපුරා විරෝධතා ආරම්භ කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව, රට පුරා 1,000කට අධික විරෝධතාවන් සංවිධානය කර ඇති අතර වාමාංශික සංවිධාන MoveOn, කම්කරු, පාරිසරික සහ අනෙකුත් ප්‍රගතිශීලී කණ්ඩායම් විසින් ඒවා මෙහෙයවනු ලැබේ. මෙම විරෝධතා සඳහා 500,000 කට අධික පිරිසක් වීදි බැසීමට නියමිත බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ,

ප්‍රධානතම විරෝධතාව වොෂින්ටන් ඩීසී හි ජාතික වෙළඳ සංකීර්ණයේ පැවැත්වීමට නියමිත අතර, එහිදී මේරිලන්ඩ් හි ඩිමොක්‍රටික් පක්ෂයේ ජේමි රස්කින්, ෆ්ලොරිඩාවේ මැක්ස්වෙල් ෆ්‍රොස්ට් සහ මිනසෝටා හි ඉල්හාන් ඕමාර් ඇතුළු කොංග්‍රස් සාමාජිකයින් ජනතාව අමතනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඒ අනුව විරෝධතා සංවිධායකයන් සඳහන් කරන්නේ, මෙය ඇමරිකානු ඉතිහාසයේ පසුගිය වසර කිහිපය තුළ විශාලතම විරෝධතාවය බවට පත්වනු ඇති බවයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here