ට්‍රම්ප්ගේ වෙළෙඳ යුද්ධයට මුහුණ දෙන්න ලංකාවට සූදානම්ද? Sri Lanka Latest News

0
10


පසුගිය සතියේ එක්සත් ජනපදයේ ඉන්දු පැසිෆික් අණ දෙන නිලධාරියා ජනාධිපති අනුර හමුවිය. අනුර ජනාධිපති ලෙස පත්වූ පසු එක්සත් ජනපදයේ ඉන්දු පැසිෆික් අණ දෙන නිලධාරියා ලංකාවේ සංචාරය කළ පළමු අවස්ථාව මෙය. එක්සත් ජනපදයේ ඉන්දු පැසිෆික් අණ දෙන නිලධාරියා ලංකාවේ සංචාරය කළේ ඇමෙරිකාවේ ට්‍රම්ප් ආණ්ඩුවේ නව ගාස්තු ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට එල්ල කරන බලපෑම පිළිබඳ ලංකාවේ ආර්ථික විශේෂඥයන් බිය පළකරද්දීය. එක්සත් ජනපදයේ ඉන්දු පැසිෆික් අණ දෙන නිලධාරියා ඉන්දීය සාගර කලාපයේ ආරක්ෂාව ගැන සාකච්ඡා කළ අතර, චීන පර්යේෂණ නැව් ගැන සාකච්ඡා කරන්න ඇත. ගාස්තු ප්‍රතිපත්තිය ඔහුට අදාළ මාතෘකාවක් නොවුණද අනුරගේ ආණ්ඩුවට ට්‍රම්ප්ගේ ගාස්තු ප්‍රතිපත්තියට මුහුණ දිය යුතු ආකාරය ගැන වැඩපිළිවෙළක් තිබෙනවාද යන්න සැක සහිතය. එක්සත් ජනපදයේ ඉන්දු පැසිෆික් අණ දෙන නිලධාරියා හමුවූවාට පසු අනුරගේ ආණ්ඩුව ඇමෙරිකාවේ සම ජනාධිපති ලෙස ට්‍රම්ප් විරෝධී මාධ්‍ය හඳුන්වන ඉලෝන් මස්ක්ගේ ස්ටාර් ලින්ක් සේවය නතර කර තිබේ. එයට හේතුව ලෙස ආණ්ඩුව ප්‍රකාශ කරන්නේ ජාතික ආරක්ෂාවට අදාළ කරුණු අධ්‍යයනය කරන තෙක් එම සේවය නතර කරන්න තීරණය කළ බවය. ස්ටාර් ලින්ක් සේවය ලබාගන්න ඉලෝන් මස්ක් සමග සාකච්ඡා කළේ හිටපු ජනාධිපති රනිල්ය. ඔහු ඉන්දුනීසියා සංචාරයේදී ඉලෝන් මස්ක් හමුවූ අතර, ඔහුට ලංකාවට එන්න ආරාධනා කළේය. රනිල් ප්‍රකාශ කළේ ස්ටාර් ලින්ක් ආරම්භ කරන්න 2024 අවසානයේ ඉලෝන් මස්ක් ලංකාවට පැමිණීමට නියමිත බවය. ජනාධිපති වරණයට පෙර ඉලෝන් මස්ක් ගෙන්වා ගැනීමට රනිල් උත්සාහ කළද එය සාර්ථක නොවීය. නමුත් දැන් අනුර කුමාරගේ ආණ්ඩුව ස්ටාර් ලින්ක් ව්‍යාපෘතිය නතර කර ඇත. මෙය ශ්‍රී ලංකා ඇමෙරිකා සබඳතාවලට කෙලෙස බලපානු ඇතිද, ට්‍රම්ප්ගේ ගාස්තු ප්‍රතිපත්තියට කෙලෙස බලපානු ඇතිද යන්න පැහැදිලි නැත.

ඇමෙරිකාවේ ගාස්තු ප්‍රතිපත්තිය නිසා ලංකාවේ ආර්ථිකයට එල්ල වන බලපෑමට සමාන බලපෑමක් ඇමෙරිකාවෙන් 1970-77 බණ්ඩාරනායක මැතිනියගේ සමගි පෙරමුණු ආණ්ඩුවට ඇමෙරිකාවේ PL 480 scheme සම්බන්ධයෙන් ඇතිවුණු ප්‍රශ්නයය. PL 480 scheme එක යටතේ ඇමෙරිකාව ලොව දුප්පත් රටවලට ආහාර සහනාධාර යටතේ පිටි සහනාධාර දෙනු ලැබීය. ඇමෙරිකාව එය 1973දී නතර කළ විට ලංකාවේ ආහාර අර්බුදයක් ඇතිවිය. එවක ලංකාවේ අගමැතිනි බණ්ඩාරනායක මැතිනිය ඇමෙරිකානු ජනාධිපති රිචඩ් නික්සන්ට ලිපියක් ලියමින් එම සහනාධාරය ලබාදෙන ලෙස ඉල්ලීමක් කළාය.

බණ්ඩාරනායක මැතිනිය ඇමෙරිකානු විරෝධී ප්‍රතිපත්තියක සිටියත් ඇය කෙසේ හෝ යළි PL 480 scheme ලබාගැනීමට රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුමක් දියත් කළාය. එය සාර්ථක විය. ට්‍රම්ප් ආණ්ඩුවෙන් ගාස්තු සම්බන්ධ සහනයක් ලබාගැනීමට අනුරගේ ආණ්ඩුවට එවැනි සැලසුමක් තිබෙනවාද යන්න සැක සහිතය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here