ට්‍රම්ප්ගේ තීරුබද්දෙන් අග්නිදිග ආසියා රටවලට දැඩි බලපෑම්

0
12


ට්‍රම්ප්ගේ තීරුබදු හේතුවෙන් වියට්නාමය ඇතුළු අග්නිදිග ආසියා රටවල ආර්ථිකය දැඩි ලෙස කඩා වැටෙනු ඇතැයි විදෙස් ව්ශ්ලේෂකයන් පවසනවා.

චීනය හැරුණු විට අග්නිදිග ආසියාවේ දැඩි ලෙස පහර වැදී ඇති තවත් රටක් ලෙස වියට්නාමය හඳුන්වා දිය හැකියි.

මෙම බදු ලැයිස්තුවේ චීනයට පසුව ඉහළින්ම ඇත්තේ වියට්නාමය සහ කාම්බෝජයයි.

ඒවා  පිළිවෙලින් 46% හා 49%ක බදු ප්‍රතිශතයි.

තායිලන්තය 36%ක්, ඉන්දුනීසියාව 32%ක් සහ මැලේසියාව 24%ක් ලෙසින් බදු ක්‍රියාත්මක වන රටවල් වනවා.

පිලිපීනයට 17%ක් හා සිංගප්පූරුවට 10% ක තීරුබදු ක්‍රියාත්මක වනවා.

අපනයන මත බෙහෙවින් රඳා පවතින අග්නිදිග ආසියා කලාපයකට මෙය විශාල පහරක්.

ඇමරිකාවට සිදු කරන අපනයන වියට්නාම දළ දේශීය නිෂ්පාදිතයෙන් 23% ක් හා කාම්බෝජයේ 25% ක් වනවා.

 

 

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here