ට්‍රම්ප්ගේ ජන්ප්‍රියත්වයට මොකද වුණේ?

0
9


රෂිකා හෙන්නායක

දෙවන ධූර කාලයේ පළමු දින 100 තුළ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ක්‍රියාතාරීත්වය සම්බන්ධයෙන් අමෙරිකානුවන්ගේ අදහස් ගැඹුරින් සෘණාත්මක වී ඇති බව මත විමසුමකින් හෙළ වී තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෙවන ධූර කාලයේ පළමු දින 100 තුළ ඔහුගේ ක්‍රියාකාරීත්වය අනුමත කර ඇත්තේ එම සමීක්ෂණයට එක්කර ගත් අමෙරිකානුවන්ගෙන් සියයට 41ක් පමණයි. 

විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ, එය ඉකුත් දශක 07ක කාලය තුළ අමෙරිකානු ජනාධිපතිවරයෙකුගේ පළමු දින 100 තුළ ලබා ඇති අඩුම ජනප්‍රියත්වය වන බවයි

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආර්ථිකය හැසිරවීම සියයට 61ක් ප්‍රතික්ෂේප කරන බවද එම සමීක්ෂණයෙන් අනාවරණ වී තිබෙන අතර, විදෙස් මාධ්‍ය වාර්තා අනාවරණ කළේ ට්‍රම්ප්ගේ බදු ප්‍රතිපත්තිය ඊට දැඩි ලෙස බලපා ඇති බවයි .

විධායක බලතල යොදාගන්නා ආකාරය සහ රාජ්‍ය නිලධාරින් සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය අඩු වීමට හේතුවී ඇති බවද එම වාර්තාවල සඳහන් වේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here