ට්‍රම්ප් දැන දැනම ලොවම අමන්දානන්දයට පත් කලා. අපිත් දවස් 3ක් සාකච්ඡා කළා. උත්තරේ නිෂ්පාදන ආර්ථිකය – චතුරංග ප්‍රශ්නය විසඳයි

0
15


ඇමරිකාවේ ඒකපාර්ශ්වික සංවෘත ආර්ථික ප්‍රතිපත්තිය ගැන ජාතික ජන බලවේගයේ ආණ්ඩුව විමසිල්ලෙන් පසුවූ බවත් මේ පිළිබඳ මූලික විශ්ලේෂණ කමිටුවක් පසුගිය මාසයේදීම පත් කළ බවත් මාර්තු 13,20,26 එම කමිටුව රැස්වූ අතර තමන් ද ඊට සහභාගී වූ බවත් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසයි.

මේ වනවිට ඇමරිකාව තාවකාලික ආර්ථික අවපාතයකට යාමට සූදානමින් සිටින බවයි ඒ මහතා සඳහන් කරන්නේ.

මේ සම්බන්ධයෙන් විස්තර කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා තබා ඇති ෆේස්බුක් සටහන පහතින් දැක්වේ.

ලෝකේ හැමෝම අමරිකාවෙ ඒකපාර්ශවීය සංවෘත ආර්ථික ප්‍රතිපත්තිය ගැන උන්න්දුවෙන් බලං හිටියා, ඒ වගේම සමහරු ප්‍රසිද්ධියේ සටන් ප්‍රකාශ කලා (කැනඩාව, යුරෝපා සංගමය, මෙක්සිකෝව) නමුත් ලංකාව වගේ ආර්ථික ගත්තෙ නිහඬ ප්‍රතිපත්තියක්, ඒකට හේතුව අපි හිටියෙ නොසලකා හැරිය හැකි තරම් කුඩා වෙළෙද ශේෂයක. මේ තීරණය සැම රටක්ම භාවිතා කලේ යම් තාර්කික පදනමක ඉදල හා ඒ පිළිබඳ අදාල පාර්ශව වල අවබෝදයෙන්.

ලංකාව මේ පිළිබඳ මූලික විශ්ලේෂණ කමිටුව පත්කලේ විදේශ අමාත්‍යාංශයේ නියොජ්‍ය විදෙස් ඇමතිගේ ප්‍රධානාත්වයෙන්, මේ කමිටු මූලික වාර්ථාවලට අදහස් දෙන්න කර්මාන්ත අමාත්‍යාංශ ලෙස අපිත් සහබාගී වුනා. එතනදී සාකච්ඡා කලේ What If කියන පදනම මත ඉදලා. (මාර්තු 13,20,26)

කෙසේ වෙතත් හැමෝම බලන් හිටියේ අමරිකාවට අනෙක් රටවල් දාල තියන බද්ද සම කරයි කියල. විශේෂයයෙන්ම ලංකාවට විවෘත නිර්බාද වෙලෙදපොල උගන්වන ඇඩ්වොකාටා ආයතනය පවා හිතුවෙ එහෙමයි, නමුත් ට්‍රම්ප් රාජය සියලුම ආර්ථික න්‍යාය හා ඉගැන්වීම් හා සම්මත බිඳ දමා අලුත්ම බදු ප්‍රතිපත්තියක් ලෝකෙට හදුන්වා දුන්නා 😁, අවංකව අපි නෙමේ ලෝකෙ කිසිම කෙනෙක් මේ අවිද්‍යාත්මක පදනම පුරෝකතනය කලේ නෑ.

මේකෙදි කලේ එක් එක් රටවල් වල අමරිකානු බදු වලට ගහල තියන තීරුබදු සමකිරීමක් නොවේ, ඒ ඒ රටවල් වල සෘණ වෙළෙඳ ශේෂය ආනයන ප්‍රමානයෙන් බෙදීමක්, නමුත් මේ පිළිබඳ අමරිකානු ජනාධිපති දැන දැනම ලොවම අමන්දානන්දයට පත් කලා.

ඒති ඉති අපේ බුකියේ Experts ලා ලංකාවට 44%ක් එනවා කියල දැනගෙන ඉදලා ☺

දැන් අපිට තියෙන්නෙ Negotiate කරන්න, අනෙක් ලොකු රටවල් Fight කරන්න. කෙසේ වෙතක් අමරිකාව බලාපොරොත්තු වෙනවා රටට අත්‍යාවශ්‍ය සෑම දෙයක්ම ඒ රටේ නිශ්පාදනය කරන්න ☺ ( පහුගිය ඡන්දෙ සමහරු කියපු වම ගැන කියපු බොරු එහෙම මතක් වෙනවද?)

අමරිකාව 1930ට යන්න ගන්න උත්සහයක් ගන්නවා මොකද ඒ රටවල් ගොඩ ණගුවෙ තීරුබදු ගහල, 1975න් පස්සේ අනෙක් රටවල් වලට කිව්වා බදු ගහන්න එපා කියල ☺



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here