“ඥානසාර හිමිට එරෙහිව අධිචෝදනා ගොනු කරනවා”

0
5

බොදු බල සේනා සංවිධානය කොළඹ කොම්පඤ්ඤවීදය නිපොන් හෝටලයේදී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී කුරානයට, ඉස්ලාම් ධර්මයට අපහාස වන අයුරින් අදහස් දැක්වූ බවට එහි මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අධිචෝදනා ගොනු කරන බව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඊයේ (11) කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා හමුවේ දැනුම් දෙන ලදී.

නීතිපතිවරයා ලබා දුන් උපදෙස් ප්‍රකාරව මෙම පියවර ගන්නා බව පොලීසිය අධිකරණයට දන්වා සිටියේය.

උන්වහන්සේට එරෙහිව ගොනු කර ඇති නඩුවට වසර 11ක් නීතිපති උපදෙස් නොලැබීම සහ ප්‍රමාදයට හේතුව සම්බන්ධයෙන් ඊයේ (11) අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාට කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා පෙර දින නියෝග කර තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් නඩුව විභාගයට ගන්නා අවස්ථාවේ ඇප මත මුදා හැර ඇති ගලගොඩ අත්තේ ඥානසාර හිමි විවෘත අධිකරණයේ පෙනී සිටියහ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here