සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ ලකුණු 13,000 සීමාව පසුකර යෑමට එංලන්තයේ ජෝ රූට් සමත් වී තිබෙනවා.
ඒ, සිම්බාබ්වේට එරෙහිව නොටින්හැම්හිදී පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේදීයි. ඒ අනුව එම කඩඉම වේගයෙන්ම පසුකළ පිතිකරුවා ලෙසත්, ඊට ළඟා වූ පළමු හා එකම එංගලන්ත පිතිකරුවා ලෙසත් රූට් වාර්තා අතරට එක් වුණා.
සිව්දින තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගයේ දෙවන දිනය වූ ඊයේ එංගලන්ත පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 34ක් ලබා ගනිමිනුයි ඔහු මෙම වාර්තා අතරට එක්වුණේ.
මේ වනවිට ලකුණු 13,006ක් රැස්කරගෙන සිටින රූට් ශතක 36ක් හා අර්ධ ශතක 65ක් වාර්තා කර තිබෙනවා. ඔහු ලෝක ටෙස්ට් ක්‍රිකට් පිටියේ ටෙස්ට් ලකුණු 13,000 කඩඉම පසුකළ පස්වන ක්‍රීඩකයාද වනවා.
ඒ අනුව තවමත් 34 වන වියේ පසුවන රූට්ට ලොව වැඩිම ටෙස්ට් ලකුණුලාභියා වන ඉන්දියාවේ සචින් තෙන්ඩුල්කාර් පසුකර යෑමට අවශ්‍ය ඇත්තේ තවත් ලකුණු 2,916ක් පමණයි. සචින් තෙන්ඩුල්කාර් රැස් කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 15,921ක් වනවා.
Saru FM Media