ජීවිතේ ගැන දුකින් ද ?? මෙන්න ඔයාගේ සතුට හොයාගන්න හරිම විදිහ

0
10


සතුටෙන් ඉන්න අපි හැමෝම කැමතියි. ඒ උනාට අපිට හැමතිස්සෙම සන්තෝසෙන් ඉන්න පුලුවන්කමක් නැති බව මම අමුතුවෙන් කියන්න ඕන නෑ. එහෙම පැය 24ම සන්තෝසෙන් ඉඳපු කිසිම කෙනෙක් මේ ලෝකෙ නැතුවත් ඇති.

කිසිම දෙයක් මාව සතුටෙන් තියන්නෙ නෑ කියන හැඟීම සමහරවෙලාවට තාවකාලික වෙන්න පුලුවන්. නැත්තම් එය ලොකු මානසික ගැටලුවක් වෙන්නත් පුලුවන්.

කිසිම දෙයක් මාව සතුටෙන් තියන්නෙ නෑ කියල හිතෙන්න හේතු ගොඩක් තියෙන්න පුලුවන්. මානසික අවපීඩනය, කාංසාව සහ PTSD වැනි වගේ මානසික සෞඛ්‍ය තත්ත්වයන්, සතුට ගෙනල්ල දෙන විවිධ හේතු වලින් උනත් කිසිම සතුටක් නොදැනෙන්න හේතුවක් වෙන්න පුලුවන්. මේ වගේ රෝගෝ තත්ත්වයන් තියෙද්දි අපි ජීවත්වෙන්නෙ හැඟීම් දැනීම් නැති කෙනෙක් වගේ.

ඔයාට සතුටෙන් ඉන්න අපහසු වෙලා තියෙන්නෙ මේ වගේ මානසික ගැටලුවක් නිසා කියල ඔයා හිතෙනවනම් මානසික උපදේශනයට යොමු වෙන්න දෙපාරක් හිතෙන්න එපා. ඒ වගේම ඒව දේකෙදි උදව් ගන්න අපිට ඕනම වෙලාවක කතා කරන්න කියලත් මතක් කරන්න කැමතියි.

සමහර වෙලාවට වැඩ අධික කම, නින්දක් නොලැබීම, වගේම ඔයාගෙ ජීවිත රටාවත් ඔයාගෙන් සතුට උදුරගන්න හේතුවක් වෙන්න පුලුවන්. අධික මහන්සිය අපි නොහිතුවට අපේ ශරීරයට වගේම මනසටත් දැනෙන බව අමතක කරන්න එපා.

රැකියාව හා සම්බන්ධ ආතතිය වගේම වෙහෙස මහන්සි වී වැඩ කිරීම අසතුටුදායක හැඟීම්වලට හේතුවක් වෙන්න පුලුවන්. ඒ වගේම මේ දේවල් හරියට කලමනාකරණය නොකිරීමෙන් පේයහපැවැත්මට අහිතකර බලපෑමක් ඇති වෙන්න පුලුවන්.

ඉතින් සතුටෙන් ඉන්න නම්, සතුට ජීවිතයට ලඟා කරගන්න නම් අපි අපේ මනස වෙනස් කරගන්න ඕන.

 අතීතයේ අපිට නරක දේවල් වෙලා තියෙන්න පුලුවන් උනත්, මේ මොහොතේ අපිට ඕන කරන අපි බලාපොරොත්තු වෙන හැමදේම නොතිබුනත්, මේ කතාව පොදු ඔයාට විතරක් නෙවෙයි කියල අමතක කරන්න එපා. අපි හැම කෙනෙක්ටම අපේ හිතට බරක් ගෙනත් දෙන කතාවක් තියෙනව.

අනිත් කෙනාගෙ සතුට ඔයාගෙ සතුට වෙන්නෙ නෑ. ඔයා ඉස්සෙල්ල බලන්න ඔයාට සතුට කියල කියන්නෙ මොකද්ද කියල. ඔයා ඔයාගෙ ජීවිතයේ ප්‍රධාන අරමුණු ඔක්කොම ඉස්ට කරගත්තෙ නැත්තම් සන්තෝසෙන් ඉන්න බෑ කියල හිතනවනම් ඔයා එකින් එක ඔයගෙ අරමුණු ආයෙම අරගෙන බලන්න.  විනෝදාංශ සහ ක්‍රියාකාරකම්, මිත්‍රත්වය හෝ සංචාර වගේ කුඩා දේවලින් සතුට සොයා ගන්න උත්සාහ කරන්න.

මානසික අවපීඩනයෙන් පෙළෙන අය ගොඩක් වෙලාවට තමන්ට තියෙන ප්‍රශ්න ගැන නිතර නිතර කතා කරනවා . ප්‍රශ්න විසඳගන්න විදියක් හිතනවට වඩා ඔයා ඒ ගැන කතා කරනවද?

ඔයත් එහෙම කෙනෙක්නම් අදම ඒ හැසිරීම නවත්වන්න. මොකද ප්‍රශ්නෙ විසඳගන්න විදියක් නොහිත ප්‍රශ්නෙ ගැනම නිතර නිතර හිතන එකත් ඔයාගෙ සතුට නැතිවෙන්න හේතුවක් වෙන්න පුලුවන්.

ඔයා ඔයාගෙන්ම අහල බලන්න, මම කලබල වන්නේ ඇයි? මට පිළිගැනීමට, ඇගයීමට හෝ වෙනස් කිරීමට අවශ්‍ය වන්නේ කුමක්ද?

ඒකෙන් ඔයාට තේරුම් ගන්න පුලුවන් ඔයාගෙ ප්‍රශ්නෙ මොකද්ද සහ ඔයා විසඳගන්න කටයුතු කරන්න ඕන කොහොමද කියල.

ඔයාගෙ අසතුටුදායක හැඟීම් තනිකම හෝ අර්ථවත් සමාජ සම්බන්ධතා නොමැතිකම නිසා ඇතිවන දෙයක් නම්,  විශ්වාසවන්ත මිතුරෙකු හෝ පවුලේ සාමාජිකයෙකු වෙත ළඟා වීමෙන් විසඳගන්න ඔයාට පුලුවන්. සතියකට වරක් හෝ දෙවරක් යමෙකු සමඟ එලියට යන එක, හිතට සතුටක් ගේන දෙයක් කතා කරන එක ඔයාගෙ නැතිඋන සතුට හොයාගන්න ඔයාට උදව් වෙන්න පුලුවන්.

ඔයාට ශක්තිමත් සමාජ බැඳීමක් නෑ කියල හිතෙනවනම්, ඔයාට සුදුසු, හිතවත්, පොසිටිව් විදියට හිතන යාලුවො පිරිසක් හදාගන්න එක ගොඩක්ම හොඳයි.

අවම වශයෙන් සතියකට කිහිප වතාවක්වත් ව්‍යායාම කරන්න බලන්න. දවසකට විනාඩි තිහක් විතර කරත් ඇති. ව්‍යායාම කිරීම අපේ මොළයට එන්ඩොර්ෆින් මුදා හැරීමට හේතු වෙනවා වගේම, ඒ නිසාම ස්වභාවිකවම අපිට වඩාත් උද්යෝගිමත් සහ සතුටක් අරගෙන එන්න හේතු වෙනවා.

දිනපතා ප්‍රමාණවත් තරම් ජලය පානය කරනවාද?

 සෑම දිනකම සෞඛ්‍ය සම්පන්න ආහාර අනුභව කරන අතර විටමින් නිතිපතා ගන්නවාද?

අනවශ්‍ය ආහාර, මධ්‍යසාර යනාදිය අපේ මොලයට හානි කර දෙ කරන්න පුලුවන් වගේම ඔයා අලස මනුස්සයෙක් කරන්නත් හේතු වෙන්න පුලුවන්. ඒ නිසා කන බොන දේවල් හරියට අරගන්න අමතක කරන්න එපා.

අනෙක් අතට, සෞඛ්‍ය සම්පන්න පුරුදු අපේ ජීවිතයේ ප්‍රීතිය නැවත ගොඩනඟා ගැනීමට ශක්තිමත් පදනමක් ලබා දෙනවා. අපේ සෞඛ්‍යය සහ මානසික සෞඛ්‍යය පවත්වා ගැනීම සඳහා අපි මූලික සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන බවට වග බලා ගන්න.

අඩු නින්දක් අපේ මනස කුසීත කරන්න වගේම අපිව අසතුටට පත් කරන්න හේතු වෙනවා. හැම රෑකම පැය 7-8ක නින්දක් අරගන්න උපරිම උත්සහ කරන්න. එහෙම කරන්න අපහසු නම් අඩුම තරමෙ ඒ නින්ද සති අන්තයේදි හරි අරගන්න. සුවපහසු, අඳුරු නිදාගන්න හොඳ පරිසරයක් තියෙන බව සහතික කර ගන්න. විදුලි පහන් හෝ රූපවාහිනිය දැල්වීමෙන් වළකින්න.

ඔයාගෙ ජීවිතයට ප්‍රීතිමත් ක්‍රියාකාරකම් එකතුකරගන්න කටයුතු කරන්න. ඔයා විනෝදයෙන් ඉන්න මොනවද ඉස්සර කලේ?  කලා ව්‍යාපෘති,  ගෙවත්තේ වැඩ කිරීම, කියවීම, චිත්‍රපට නැරඹීම හෝ වෙනත් ක්‍රියාකාරකම් වේවා, ඒ දේවල් කරන්න ඔයාගෙ දවසෙන් පොඩි වෙලාවක් වෙන් කරගන්න. සින්දුවක් අහන්න. නිදාගන්න කලින් පොතක් කියවන්න. සතුටට ඔයාගෙ ජීවිතේට එන්න ඉඩ දෙන්න.

ඔයාට මේ දේවල් කරන්න එකපාර නොහිතෙන්න පුලුවන් , ඒත් උත්සහ කරල ඒව කරන්න මහන්සි ගන්න. මොකද නැතිවෙච්ච සතුට ආයෙ ජීවිතයට අරගෙන එන්න ඒව ලොකු උදව්වක් වෙනවා.

දවසෙ පොඩි වෙලාවක් වෙන් කරල හුස්ම උඩ පහල හෙලන භාවනාවක් කරන්න. ඒකෙන් ඔයාගෙ මනස ටිකෙන් ටික සැහැල්ලු වෙන්න පටන් ගන්නවා. මනස සැහැල්ලු වීගෙන එද්දි සතුටට ඔයාගෙ ජීවිතයට එන්න ඉඩ ලැබෙනව.

චිත්තවේගීය නියාමනය සඳහා වගකිව යුතු මොළයේ කොටස්වල වෙනස්කම් ඇති කිරීමට භාවනාව උපකාරී වන බව පර්යේෂණයන් සොයාගෙන තියෙනවා.

අවසාන වශයෙන්, ඔයා මේ ඔක්කොම දේවල් කරලත් තාම අසතුටෙන් නම් ඉන්නෙ මොකද්ද කරන්න ඕන? වෛද්‍යවරයකුගේ හෝ මානසික සෞඛ්‍ය වෘත්තිකයෙකුගේ සහාය ලබා ගැනීම සලකා බලන්න උවමනා වෙන්නෙ මෙන්න මේ මොහොතෙදි. ඒ වෙනුවෙන් කටයුතු කරන්න. ඒක ලැජ්ජ වෙන්න හේතුවක් කියල හිතන්න එපා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here