ජීවිතයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරන්නේ මෙහෙමයි

0
4


ජීවිතයේ නව පරිච්ඡේදයක් ආරම්භ කිරීම පහසු වන්නේ නැහැ. දුෂ්කර හෝ අධික වෙහෙසකාරී කාලයක් පසු කිරීමෙන් පසුව ජීවිතයේ අලුතෙන් පටන් ගැනීමේ උවමනාව ඔබට දැනෙන්නට පුලුවන්. මෙහිදී ඔබ ඔබව වෙනස් කර ගැනීම සහ ඔබේ චර්යාවන් වෙනස් කර ගැනීම කළ යුතු වන අතර ඔබේ වැරදි හඳුනා ගැනීම සහ ඒවාට සමාව දීමත් කළ යුතුයි. ඔබේ පෞරුෂය ගොඩනංවා ගනිමින් ඔබේ ජීවිතයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරන්නේ කොහොමද කියලා මේ ලිපියෙන් අපි ඔබට කියන්නම්.

ගැඹුරු හුස්මක් ගන්න 

ජීවිතයේ නව පරිච්ඡේදයක් ආරම්භ කිරීම මොන තරම් දුෂ්කර දැයි ඔබ දන්නවා.නමුත් නිශේධාත්මක සිතුවිලි , බාධක සහ නොයෙක් ආකාරයේ ගැටළුවලට ඔබව ගසාගෙන යාමට ඉඩ තබන්නට එපා. ඒ නිසා මොහොතකට නතර වී ගැඹුරු හුස්මක් ගෙන කල්පනා කරන්න. ධෛර්‍යයෙන් සහ ශක්තියෙන් ගැඹුරු හුස්මක් ගෙන ඔබේ ආතතිය පිට කරන්න. ඔබ සිතනවාට වඩා ඔබ ශක්තිමත් බව සිහිපත් කරන්න. ඔබේ කනස්සල්ලට ඔබව පරාජය කිරීමට ඊට නොතබන බව සිතන්න.

ඔබටම කරුණාවන්ත වන්න

ඔබ ඔබටම කරුණාවන්ත වීමට ඔබ නැවත ආරම්භ කරන්නට සූදානම් වන මේ අවස්ථාව තරම් තවත් හොඳ අවස්ථාවක් නැහැ. අතීතයේ ඔබ අතින් සිදු වූ වැරදි වලට ඔබ විසින් ඔබටම දොස් පවරා ගැනීම පලක් නොවන අතර ඔබ ඉදිරියට යාමට සූදානම් වන මොහොතේ එවැනි පසුතැවිලි වීම් පසෙකින් තබන්න. ඔබ අතින් සිදු වූ වැරදි සහ අඩුපාඩු පිළිබඳව ඔබටම දොස් පවරා ගැනීමෙන් සහ පසුතැවීමෙන් සිදුවන්නේ ඔබ විසින්ම ඔබව පහතට ඇද දැමීමයි. ඒ නිසා ජීවිතයේ නව පරිච්ඡේදයක් ආරම්භ කිරීමට නම් මුලින්ම ඔබ ඔබටම කරුණාවන්ත විය යුතුයි.

ඔබේ හැඟීම් පිට කරන්න

බොහෝ දෙනෙක් සිදු කරන දෙයක් තමයි දුක සහ වේදනාව සඟවා ගෙන සතුටක් මවා පාමින් ජීවත් වීම. එය සමාජය ඉදිරියේ හොඳ දෙයක් වුවත් ඔබේ ඇතුලාන්තයට එතරම් හොඳ දෙයක් නොවෙයි. මෙය ඔබ තුළ අධික ආතතියක් සහ පීඩාවක් ඇති කරවන දෙයක්. ඔබේ හැඟීම් වලට ඉඩ දීම කාලය නාස්ති කිරීමක් නොවන අතර ඔබට කල හැකි හොඳම දෙය නම් ඔබේ හැඟීම් පිට කිරීම සහ ඔබට ඔබවම දැනෙන්නට ඉඩ දීමයි. ඔබේ දුක සහ කනස්සල්ල ඔබට පිට කිරීමට අවශ්‍ය නම් එය පිට කරන්න. මෙමගින් ඔබේ හදවතේ ඇති තුවාල කර ගෙන ඔබට ඉදිරියට යාමට හැකි වනවා.

නව චර්යාවකට හුරු වන්න 

ඔබට වෙනස් වීමට අවශ්‍යය නම්, ඔබේ ජීවිතයේ නව පරිච්ඡේදයක් ආරම්භ කිරීමට අවශ්‍ය නම් ඔබ අලුත් විය යුතුයි. ඔබ අලුතෙන් ආරම්භ කළ යුතුයි.මේ සඳහා වෙහෙසකර බවින් අඩු නව දින චර්යාවකට හුරු වීම කෙරෙහි ඔබ අවධානය යොමු කළ යුතු වන අතර ක්‍රම ක්‍රමයෙන් එයට හුරු වීමද කළ යුතුයි.නව දින චර්යාවකට හුරුවීම මගින් ඔබේ පුරුදු සහ දෘෂ්ටිකෝණය තරමක් දුරට වෙනස් වන අතර එමගින් ඔබේ ඵලදායිතාවය ධනාත්මක අතට වෙනස් කරවනවා. ඒ වගේම ඔබට ජීවිතය දෙස අලුතින් බැලීමට අභිප්‍රේරණයක් ද ලබා දෙනවා.

විෂ සහිත පුරුදු අත් හරින්න 

ඔබේ ජීවිතය වෙනස් කිරීමට බලපාන ප්‍රධාන සාධකයක් තමයි ඔබේ පුරුදු. ඔබ ජීවිතය දෙස අලුතින් බැලීමට පුරුදු වන විට සහ ජීවිතයේ නව පරිච්ඡේදයක් ආරම්භ කිරීමට බලා‍පොරොත්තු වන විට ඔබ තුළ ඇති පුරුදු කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. ඔබේ ජීවිතය කෙරෙහි සෘණාත්මක ලෙස බලපෑම් එල්ල කරන, ඔබව පහතට ඇද දමන සහ ඔබේ මානසික සෞඛ්‍යයට අහිතකර ලෙස බලපාන විෂ සහිත පුරුදු ඔබ සතුව තිබෙනවා නම් ඒවා හඳුනාගෙන අත් හැරීමට පුරුදු වන්න. මෙමගින් ඔබේ ජීවිතයට ධනාත්මක බලපෑම් බොහොමයක් ඇති වන්නට පටන් ගන්නවා.

අලුත් දේවල් උත්සාහ කරන්න

අලුත් දේවල් ගවේෂණය කිරීම සඳහා ඔබට කාලය වෙන් කළ හැකි හොඳම කාලය තමයි මේක. නව විනෝදාංශ , පුරුදු සහ අලුත් අත්හදා බැලීම් ඔබව නව ජීවිතයකට හුරු කරවනවා.ඒ වගේම මේවා මගින් ඔබේ ජීවිතයේ උද්යෝගිමත් කරන අතර ඔබට කල හැකි දේවල් අසීමිත බව ඔබටම පහදා දෙනවා.ඒ වගේම ඔබ කැමති සහ අකමැති දේවල් පිළිබඳව හඳුනා ගැනීමට ඔබට මෙහිදී ඉඩ සැලසෙනවා.

ඔබ ඔබවම මෙනෙහි කරන්න 

ජීවිතයේ නව පරිච්ඡේදයක් ආරම්භ කිරීම කිසිසේත්ම පහසු නොවන අතර එය ඔබ ඔබවම සොයා ගැනීමට ගත කරන අසීරුම කාලය විය හැකියි.නමුත් මෙය සාර්ථකව කිරීමට නම් ඔබ මුලින්ම දේවල් මෙනෙහි කිරීම කෙරෙහි අවස්ථාව ලබා ගත යුතුයි.

ඔබේ ජීවිතයේ මීට පෙර පරිච්ඡේදය ඔබට ඉගැන්වූ පාඩම කුමක්ද? 

ඔබ මෙතනින් එහා යා යුත්තේ කොතනටද ? 

ඔබේ ජීවිතය වඩාත් අර්ථවත් ලෙස වර්ධනය කර ගැනීමට සහ ගත කිරීමට ඔබට දියුණු කර ගත හැකි දේවල් මොනවාද? 

මේ දේවල් පිළිබඳව කල්පනා කිරීම සඳහා යම් කාලයක් ලබා ගන්න.මෙමගින් ජීවිතයේ නව පරිච්ඡේදයක් සාර්ථකව ආරම්භ කිරීමට ඔබට උපකාරී වන අතර ඉදිරියට යාමට ඔබ ගත යුතු පියවර මොනවා දැයි ඔබට හොඳ අදහසක් සහ පැහැදිලි හැඟීමක් ලැබෙනවා. 

ඔබේ ජීවිතයේ වෙනස් කර ගත හැක්කේ ඔබටමයි. ජීවිතයේ උදාවන නරක කාල පරිච්ඡේද සැම විටම නොපවතින බව සිතමින් එවැනි අසීරු කාල පසුකරමින් ඔබ ඉදිරියට ජීවත් විය යුතු වනවා. ජීවිතයේ නව පරිච්ඡේදයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන ඔබට සරලව අනුගමනය කළ හැකි පියවරවල් කිහිපයකුයි මේ ලිපියෙන් අපි ඔබට කරුණු ගෙන ආවේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here