රෂිකා හෙන්නායක
හෝමෝන නිපදවීම සහ ශ්‍රාවය කිරීම හරහා විවිධ ශාරීරික ක්‍රියාකාරකම් නියාමනය කරමින් ශරීර සෞඛ්‍ය සමබරව සහ නීරෝගීව පවත්වාගෙන යාම සඳහා දැවැන්ත කාර්‍යභාරයක් ඉටු කරන තයිරොයිඩ් ග්‍රන්ථිය කියන්නෙ අපේ උගුරේ පිහිටා තිබෙන සමනල හැඩැති කුඩා ඉන්ද්‍රියක්.
ශරීරය විසින් ශක්තිය භාවිත කරන අන්දම නියාමනය කර එමඟින් පරිවෘත්තිය ක්‍රමවත් කිරීම,
හෘද සපන්දනය විශේෂයෙන්ම, විවේකි හෘද ස්පන්දනය, ආඝාත පරිමාව සහ හෘද ප්‍රතිදානය පාලනය කිරීම,
ශරීර උෂ්ණත්වය පාලනය,
ආහාර ජීර්ණය ක්‍රමවත් කිරීම සහ මොළයේ වර්ධනය, සම සහ අස්ථි නීරෝගීව පවත්වා ගැනීම
වැනි ඉතාම වැදගත් කර්තව්‍යයන් රාශියක් ඉටු කරන තයිරොයිඩ් ග්‍රන්ථියෙ නිසි ක්‍රියාකාරිත්වයට බාධා පමුණුවන්න අපේ සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර පුරුදු, ආතතිය වැනි මානසික අස්ථාවර වීම්, ව්‍යායාම හිඟවීම, හෝමෝන අසමතුලිතතා සහ වැරදි ජීවන රටාව බලපාන්න පුළුවන් කියල පර්‍යේෂකයන් සඳහන් කරනවා.
තයිරොයිඩ් ග්‍රන්ථියෙ රැකවරණය සඳහා වැදගත් වන කාරණා කිහිපයක් බලපානු ඇත.
සමබර ආහාර වේලක්
පෝෂණ ආහාර වේලක් මුළු ශරීරයටම වගේම තයිරොයිඩ ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය ක්‍රමවත්ව පවත්වා ගන්නත් ඉතාම වැදගත්.ඊට අමතර අයඩින් අඩංගු මුහුදු මාළු, කිරි ආශ්‍රිත නිෂ්පාදන, අයඩින් සහිත ලුණු සෙලිනියම් අඩංගු ඇට වර්ග සහ බීජ වගේම සින්ක් අඩංගු සම්පූර්ණ ධාන්‍ය වගේ ආහාරත් අපේ එදිනෙදා ආහාර වේලට එකතු කර ගැනීම ඉතාම වැදගත්.
Saru FM Media