ජින්තුපිටියේ වෙඩි තැබීමට සම්බන්ධ තවත් අයෙක් අත්අඩංගුවට

0
7

ජින්තුපිටිය ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර දරුවන් දෙදෙනෙකුට තුවාල කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එම සැකකරු ඊයේ (22) වෙරළබඩ 95 වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

අදාළ සැකකරු මෙම අපරාධයට ආධාර අනුබල දිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 24යි මිලිග්‍රෑම් 300ක් ද පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙකු බව පොලීසිය පවසයි.

සැකකරු අද (23) මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් වෙරළබඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

 📌සබැඳි පුවත්

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here