ජින්තුපිටියේ ඝාතනයට සම්බන්ධ වෙඩික්කරු අත්අඩංගුවට

0
3

2026.01.16 වනදින වෙරළබඩ පොලිස් වසමේ ජින්තුපිටිය ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර දරුවන් දෙදෙනෙකුට තුවාල සිදුකිරීමේ අපරාධයට  සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසිනි.

විමර්ශන නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි වෙඩික්කරු ලෙස ක්‍රියා කළ සැකකරු ඊයේ (03) ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේදී අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11 මිලිග්‍රෑම් 830 ක් විමර්ශන නිලධාරීන් භාරයට ගෙන තිබේ.

සැකකරු අවුරුදු 24 ක් වන කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

 📌සබැඳි පුවත්

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here