අතිශය සුන්දර රටක් වුවත් අතීතයේදී ශ්‍රී ලංකාව ජාතිවාදී සහ ආගම්වාදී බෙදිම්වල වේදනාබර අත්දැකීම් මෙරට සමස්ත ජනතාව විඳි යුගය අවසන් කර ඇති බව ජාත්‍යන්තර කාන්තා දින සැමරුම අමතමින් හාලිඇලි ප්‍රාදේශීය සභා මන්ත්‍රිනී ෂේකා සම්සුදීන් අවධාරණය කළාය.
ඇය වැඩිදුරටත් සඳහන් කළේ රටක් ගොඩනැගිලිවලින් හෝ මාර්ග ඉදිකිරීම්වලින් පමණක් ගොඩනැගිය නොහැකි බවත් අතීතයේ වේදනාබර අමිහිරි අත්දැකීම් අවසන් කර ශ්‍රී ලාංකික මිනිසුන් හැටියට අනාගතය ගොඩනගන කොටස් කරුවන් වශයෙන් කැප ක්‍රියා කළ යුතු බවත්ය.
එම ගොඩනැගීමේදී මවක්, ගුරුතුමියක්, කම්කරු කාන්තාවක්, ගොවිතැනේ නියුතු කාන්තාවක්, වතු ක්ෂේත්‍රයේ වැඩ කරන කාන්තාවක්, කාර්යාලයේ වැඩ කරන කාන්තාවක් හෝ වෙනත් ඕනෑම ක්ෂේත්‍රයක වැඩ කරන කාන්තාවක් ලෙස අභියෝගවලට මුහුණදෙමින් ඉදිරියට යාමේ හැකියාව මෙරට සියලුම කාන්තාවන් වෙත ඇති බව ඇය අවධාරණය කළාය.
1
Saru News
















