වෙඩි තැබීමකින් හෝ දෙකකින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් ඇති නොවන බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
වත්මන් ආණ්ඩුව මේ සම්බන්ධයෙන් අවබෝධයකින් පසුවනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද ඔහු සඳහන් කළේය.
“ජාතික ආරක්ෂාවට විශේෂ අවුලක් නැහැ. එක එක කල්ලි කණ්ඩායම්වලට අතීතයෙත් පුරුදුවෙලා තිබුණා එක එක කැරලිගැසීම්, ජාතිභේද ඇවිස්සීම් වගේ දේවල්. මේ වගේ කට්ටිය ඒගොල්ලන්ට ප්‍රතිරූප මවා ගන්න අවශ්‍ය වුණාම එක එක දේවල් කරන්න හදනවා.
නමුත් මම හිතන්නේ ත්‍රිවිධ හමුදාව ඊට අවශ්‍ය කටයුතු පිළිවෙලට කරගෙන යනවා. පොඩි සිද්ධියක් කරන්න කෙනෙක් දෙන්නෙක් හිටියත් ඇති. කලබල වෙන්න දෙයක් නෑ. ආණ්ඩුව කොහොමත් මේක අවබෝධ කරගෙන ඇති.
මේ රටේ අතීතයේ සිදුවෙච්ච දේවල් ගැන ආණ්ඩු ඉන්න මැතිඇමතිවරුන්ට යම් කිසි අවබෝධයක් තියෙනවා. ඒ නිසා මම හිතනවා මේ ගොල්ලන්නට මේ වනවිට කළමනාකරණය කරගන්න පුළුවන් වෙලා ඇති කියලා.
පාතාලය යම් කිසි ප්‍රමාණයකට තාමත් ක්‍රියාත්මකයි. මේක දේශපාලන අපරාධයක් නෙවෙයි. පාතාලය ක්‍රියාත්මක වෙච්ච තැනක්. පාතාලය සියයට 100ක් මර්දනය වෙලා නැහැ කියලා අපි දන්නවා.
මෝටර් සයිකලයක ගිහිල්ලා වෙඩි තියෙනවා කියන එක මුළු හමුදාවම කොළඹට දැම්මත් නවත්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. නමුත් ඒ ගැන අපිට සතුටු වෙන්න බෑ. යම් කිසි පියවරක් ගන්න වෙනවා රජයට.”
Saru News










