ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදන නිකුත් කිරීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා කුඩු සලිඳුගෙන් පෙත්සමක්

0
3


තමන්ට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදන නිකුත් කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු බව කියන සලිඳු මල්ශිත හෙවත් කුඩු සලිදු සිය නීතිඥවරු මාර්ගයෙන් ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සම සලකා බැලීම සඳහා ජුලි මස 03 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කර තිබෙනවා.

මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර්  සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ශනිල් කුලරත්න මහතා අධිකරණය කරුණු දක්වමින් මෙම පෙත්සම පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බව පෙන්වා දුන්නා.

මෙම පෙත්සම්කරු 2023 වසරේ මැඩගස්කරයේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ බවත් ඉන්පසුව රඳවා තබා විමර්ශන සිදුකළ බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල් වරයා සඳහන් කළා.

ඉන් අනතුරුව සැකකරු මුදා හැරීමෙන් අනතුරුව ඔහු රටින් පලා ගොස් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි සඳහන් කළ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා රටින් පලා ගොස් සිටින පුද්ගලයෙකුට මෙවැනි ඉල්ලීමක් ඉදිරිපත් කළ නොහැකි බව සඳහන් කර සිටියා.

 එහිදී පෙත්සංකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ සඳහන් කළේ තම සේවා දායකයා අත්අඩංගුවට ගැනීමෙන් පසුව වසරක කාලයක් රඳවුම් භාරයේ තැබූ අතර මාස හතක් පමණ රක්‍ෂිත බන්ධනාගාරගතව සිටි බවත් සඳහන් කළා. 

ඉන්පසුව තම සේවා දායකයාට එරෙහිව සෘජු සාක්ෂි නොමැති බවට රජයෙන් නීතිඥ වරයා විසින් දැනුම්දීමෙන් පසුව ඔහු ඇපමත මුදා හැරීමට මහාධිකරණ විනිසුරු වරයා තීන්දු කළ බවත් නීතිඥවරයා කියා සිටියේ 

ඉන් අනතුරුව විවිධ පුද්ගලයින් මුදල් ඉල්ලා තම සේවා දායකයාට බරපතළ  තර්ජන එල්ල කළ බවත් සිය ජීවිතයට ඇතිවූ බිය නිසා ඔහු රටින් පලා ගොස් ඇති බවත් එම නීතිඥවරයා සඳහන් කර සිටියා. 

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ජූලි මස 03 වනදා  කැඳවන ලෙස නියම කළා

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here