ජවිපෙ ප්‍රධාන ලේකම් සහ ඉන්දියානු කොමියිනිස්ට් පක්ෂ නායකියින් අතර හමුවක්…

0
4


ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂයේ (මාක්ස්වාදී), ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂයේ සහ සමස්ත ඉන්දීය ෆෝ(ර්)ව(ර්)ඩ් බ්ලොක් පක්ෂයේ නියෝජිතයින් අතර හමුවක් අද (02) බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.
මෙම හමුව සඳහා ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය (මාක්ස්වාදී), මධ්‍යම කාරක සභා සාමාජික ඉන්දීය වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ජාතික ලේකම්, ඒ.ආර් සින්දු, ඉන්දීය කොමියුනිස්ට් පක්ෂයේ, කේරල ප්‍රාන්ත සභාවේ ප්‍රාන්ත ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ වනාන්තර සහ නිවාස පිළිබඳ හිටපු කේරල ප්‍රාන්ත ඇමති බිනොයි විස්වම්, සමස්ත ඉන්දීය ෆොර්)ව(ර්)ඩ් බ්ලොක් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. දේවරාජන් එක් වී සිටියහ.
මේ සඳහා ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා ඇමති බිමල් රත්නායක ඇතුළු පිරිසක් එක්වී සිටියහ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here