ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඉන්දියාවේ සංචාරයක් සඳහා පිටත්ව ගොස් තිබේ.
ඒ, සංස්කෘතික සබඳතා පිළිබඳ ඉන්දීය කවුන්සිලයේ (ICCR) ආරාධනයක් අනුව ය.
මෙම සංචාරය සඳහා ටිල්වින් සිල්වා මහතා සමග කරුණානාදන් ඉලන්කුමරන්, කිට්නන් සෙල්වරාජ් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අන්තර් සමාගම් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ජානක අධිකාරී, ජවිපෙ මාධ්‍ය ඒකකයේ හේමතිලක ගමගේ, ජවිපෙ ජාත්‍යන්තර කමිටුවේ නීතීඥ කල්පනා මධුභාෂිනී යන අය එක්ව සිටිති.
ඔවුන් ඉන්දියාවේ නවදිල්ලි නුවර සහ ගුජරාට්, කේරළ ප්‍රාන්තවල ද සංචාරය කිරීමට නියමිත අතර එම ප්‍රාන්තවල මහ ඇමතිවරුන් සමග සාකච්ඡා කිරීමට ද නියමිත බව සඳහන්.
Saru News








