ජල ගාස්තු සංශෝධනය තවත් කල් යයි

0
12


ජල ගාස්තු සංශෝධනය කිරීම තවදුරටත් කල්දැමීමට නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

මහජන උපයෝගිතා කොමිසමේ නිර්දේශ මත පසුගිය ජනවාරි 17 වනදා සිට විදුලි ගාස්තුව  20%කින් අඩු කිරීමට බලශක්ති අමාත්‍යංශය පියවර ගනු ලැබුවා.

ඒ අනුව ජල ගාස්තුද සංශෝධනය කරන බවයි නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යංශය මීට පෙර ප්‍රකාශ කළේ. 

ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය විසින්  ඊට අදාළ ගණනය කිරීමේ කටයුතු සිදු කර අමාත්‍යංශය වෙත යොමු කිරීමට මීට පෙර තීරණය කර තිබුණා.

කෙසේවෙතත් යළි විදුලි ගාස්තු සංශෝධනයක් ඉදිරියේදී සිදු කිරීමට නියමිත බැවින් ඉන් පසුව ජල ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් තීරණය කරන බවයි එම අමාත්‍යංශයේ නිලධාරියෙකු නෙත් නිවුස් කළ විමසීමකදී කියා සිටියේ. 
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here