ජපාන ආරක්ෂක ඇමති සහ ශ්‍රී ලංකා අගමැතිනිය අතර හමුවක්

0
4


ජපාන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් නකටානි අද (04) අරලියගහ මන්දිරයේදී අගමැති ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.
එම හමුවේදී දිගුකාලීන ද්විපාර්ශ්වික මිත්‍රත්වය යළි තහවුරු කෙරී ඇති අතර විශේෂයෙන් ආරක්ෂක කටයුතු සහ කලාපීය ආරක්ෂාව යන ක්ෂේත්‍රවල ජපානය සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු විය.
ඉන්දු-පැසිෆික් කලාපය පුරා සාමය සහ ස්ථාවරත්වය සහතික කිරීම සඳහා වන ප්‍රයත්නයන් සඳහා ජපානයේ සහයෝගිතාවය ජපන් ආරක්ෂක ඇමති විසින් තහවුරු කර ඇත
සමුද්‍රීය ආරක්ෂාව සහ කලාපීය සම්බන්ධතාවයන් හිදී ශ්‍රී ලංකාවේ උපායමාර්ගික වැදගත්කමද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර තිබේ.
මෙරට සංවර්ධන ව්‍යාපෘති සඳහා ජපාන රජයේ, විශේෂයෙන් ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සිය (JICA) ලබාදෙන අඛණ්ඩ සහයෝගය වෙනුවෙන් අගමැති සිය කෘතඥතාව පළ කර ඇත. එසේම විනිවිදභාවය, ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ජාතික පරිවර්තනය සඳහා රජයේ කැපවීමද ඇය නැවත අවධාරණය කර ඇත.
දේශගුණික ප්‍රතිචාර, මානුෂීය ආධාර සහ සමුද්‍රීය ආරක්ෂාව වැනි වගකීම්ද ඇතුළත් කරමින් ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවන්ගේ කාර්යභාරය පුළුල් කිරීම සඳහා වන රජයේ ඉදිරි දැක්ම පිළිබඳවද අගමැති අදහස් හුවමාරු කරගෙන තිබේ.
වෙළඳාම, ආයෝජන සහ සංචාරක ක්ෂේත්‍රයේ අවස්ථා ඇතුළු ප්‍රධාන අංශ පහක් හරහා රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා තවදුරටත් පුළුල් කිරීමටද දෙපාර්ශවයම එකඟ වී ඇත.
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති Akio Isomata ඇතුළු ජපානය සහ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම රැස්වීමට සහභාගීව සිට තිබේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here