ජනාධිපතිතුමාගේ හිත සනසන්නද පොලිස්පතිවරයා ඉන්නෙ? නාමල් ප්‍රශ්න කරයි.

0
9

රෂිකා හෙන්නායක ජනවාරි 25, කොළඹ LNW :

රටේ සංස්කෘතිය ආගමට දහමට රටේ පවතින නීතියට පටහැනිව උනත් තමන්ගේ ආණ්ඩුව රැක ගන්න ආණ්ඩුව කටයුතු කරන බව ලාල් කාන්තගේ කතාවෙන් තේරෙනවා -නාමල් රාජපක්ෂ පවසයි.

ලාල් කාන්ත කෝට් එකට ගහනවා කිව්වේ නීතියට ගහනවා කියන එක ,සිවුරත් වැඩක් නෑ කිව්වා ඒ කියන්නේ ආගමටත් ගහනවා කියලා.ඇඳුම මොකක්ද අදාල නෑ කිව්වේ ජාතියටත් ගහනවා කියලා.ඉතින් තමන්ගේ භාෂාවෙන් තමන්ට තේරෙන ආකාරයෙන් මේ රටේ සංස්කෘතිය ආගමට දහමට රටේ පවතින නීතියට පටහැනිව උනත් තමන්ගේ ආණ්ඩුව රැක ගන්න ඔවුන් කටයුතු කරනවා කියන කාරණය තමයි ඔය නොකියා කියන්නේ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පැවසීය.

තවද ජනාධිපතිතුමාගේ හිත පොඩ්ඩක් රිදුනම සීඅයිඩී එක අනෙක් සියලු කටයුතු නවත්තලා ජනාධිපතිතුමාගේ හිත සනසන්න කටයුතු කරන්න පොලිස්පතිවරයා කටයුතු කරන් බවත් නාමල් රාජපක්ෂ පැවසීය. ඔහු මේ බව ප්‍රකාශ කළේ නෙළුම් මාවත පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ,

“ලෙනින්ගේ ප්‍රතිපත්ති හඹා යනවා කියලා ඔහුගේ ප්‍රතිපත්ති විශ්වාස කරනවා කියලා කටයුතු කරන සමහර දේශපාලනඥයන්ගේ කියවීම ලෙනින්ට වඩා වෙනස්.මොකද ඒ අය විශ්වාස කරන්නේ මර්දනය තර්ජනය සහ බය කරලා තමන්ගේ දේශපාලන ගමන අරගෙන යන්න. ඒකනේ කිව්වේ කෝට් එකට ගහනවා කිව්වේ නීතියට ගහනවා කියන එකනේ.සිවුරත් වැඩක් නෑ කිව්වා ඒ කියන්නේ ආගමටත් ගහනවා කියලා.ඇඳුම මොකක්ද අදාල නෑ කිව්වේ ජාතියටත් ගහනවා කියලා.ඉතින් තමන්ගේ භාෂාවෙන් තමන්ට තේරෙන ආකාරයෙන් මේ රටේ සංස්කෘතිය ආගමට දහමට රටේ පවතින නීතියට පටහැනිව උනත් තමන්ගේ ආණ්ඩුව රැක ගන්න ඔවුන් කටයුතු කරනවා කියන කාරණය තමයි ඔය නොකියා කියන්නේ.ඉතින් මම හිතන්නේ ලාල්කාන්ත කිවුවා බෲස්ලී වගේ පහර දෙනවා කියලා.මේ යන විදිහට නම් කොහොමත් ඔය එකසිය පනස් නවය බෲස් ලී කෙසේ වෙතත් ගමේ ඉන්න කරාටේ මාස්ටර් කෙනෙක් අරගෙන පුහුණු උනොත් හොඳයි කියලා නම් හිතනවා.

ජනාධිපතිතුමාගේ හිත පොඩ්ඩක් රිදුනම සීඅයිඩී එක අනෙක් කටයුතු නවත්තලා ජනාධිපතිතුමාගේ හිත සනසන්න පොලිස්පතිවරයා කටයුතු කරනවා.හැබැයි අපි එදා ඔහොම ක්‍රියාත්මක වුනානම් ඔය ජනාධිපතිවරයා සහ ඔය කැබිනට් එකේ භාගයක් පාර්ලිමේන්තුවේ නොසිටින්න තිබ්බා.හැබැයි ඉතින් අපි අන්දරේ කතාව අහලා තියෙනවානේ, අන්දරේ රජ වෙච්ච කතාව.අන්දරේගෙ කතාවලට රජ්ජුරුවොත් හිනා වෙවී හිටියා.අන්තිමට අන්දරේ රජ වෙනකම් දන්නේ නෑ.ඉතින් ඒ වගේ තමයි මේ අයගේ බොරු කතාවලට ඔක්කොම හිනා වෙවී හිටියා,මේ අයගේ බොරු වලට අපි බොරු කිය කිය හිටියා අවසානයේ අන්දරේ රජවුනා වගේ දැන් කෙනෙක් රජ වෙලා ඉන්නවා.දැන් ඉතින් දරාගන්න බැරිකමක් තියෙන්නේ.එදා කියපු බොරු හා සමානව අදත් බලයට ඇවිල්ලා බොරු කියමින් ඉන්නේ.අන්දරේ රජවෙයි කියලා හිතන් නැතුව අන්දරේගේ කතා ටික අහලා හිනාවෙලා අත්පුඩි ගහන් හිටපු ජනතාවට අන්තිමේට අන්දරේ රජු වුණාට පස්සේ අන්දරේගේ පාලනය යටතේ ඉන්න සිද්ධවෙලා තියෙනවා.ඒ වගේම තමයි අපිටත් වෙලා තියෙන්නෙ.අන්දරේ වගේ කෙනෙක් රජවෙලා ඉන්නවා ඉතින් ඔහුගේ තියෙන වෛරය කුහකත්වය ඉරිසියාව ක්‍රෝධය සහ ප්‍රතිපත්තියක් නැතිකම සහ ඇත්තටම වැඩ කරන්න බැරිකම ඔස්සේ ඡන්දෙ දීපු අයටත් ඡන්දේ නොදීපු අයටත් ඒකෙ පල විපාක විඳින්න සිද්ධ වෙලා තියෙනවා.

අන්දරේ තනිවුනාද නැද්ද කියන කාරණේ කෙසේ වෙතත් මේ එකසිය පනස් නම දෙනාට යන එනමං නෑ කියල නම් පේනවා.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here