Saturday, May 17, 2025
Saru FM Media
Home ගොසිප් පුවත් ජනාධිපති කාර්යාලයේ සුඛෝපභෝගී වාහන 26න් 17ක් වෙන්දේසියේදී අලෙවි වෙයි

ජනාධිපති කාර්යාලයේ සුඛෝපභෝගී වාහන 26න් 17ක් වෙන්දේසියේදී අලෙවි වෙයි

0
5


17-out-of-26-luxury-vehicles-of-the-presidential-secretariat-sold-at-auction

ජනාධිපති කාර්යාලයට අයත් සුඛෝපභෝගී වාහන අලෙවි කිරීමේ වෙන්දේසියේදී ඉදිරිපත් කරන ලද වාහන 26න් 17ක් සාර්ථකව අලෙවි කර ඇති බව ජනාධිපති කාර්යාලය නිවේදනය කර සිටී.

ඊයේ (මැයි 15 වන දින)  දෙවැනි වරට පවත්වන ලද මෙම වෙන්දේසියේදී රුපියල් කෝටි 20කට අධික මුදලක් උපයාගැනීමට සමත් වී ඇති අතර, විවිධ ව්‍යාපාරික ප්‍රජාව නියෝජනය කරමින් ව්‍යාපාරිකයින් 108 දෙනෙකු මෙම වෙන්දේසියට සහභාගී වී ඇති බවද වාර්තා වෙයි.
ජනාධිපති කාර්යාලයේ සුඛෝපභෝගී වාහන විකිණීමේ දෙවැනි අදියර යටතේ පැවති මෙම වෙන්දේසියේදී පෙර භාවිතා කරන ලද සුඛෝපභෝගී වාහන මෙන්ම භාවිතයෙන් ඉවත් කරන ලද වාහන 26ක් වෙන්දේසියට ඉදිරිපත් කෙරිණි.


එම වාහන අතර හිටපු මැති ඇමැතිවරුන් සහ හිටපු ජනාධිපතිවරයා විසින් තම ධුර කාලයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 (01) වගන්තිය යටතේ පත් කරන ලද උපදේශකවරුන් සහ කාර්ය මණ්ඩලයට ලබා දී තිබූ විවිධ වර්ගයේ සුඛෝපභෝගී වාහන රැසක් ඇතුළත් විය.
වෙන්දේසියට ඉදිරිපත් කරන ලද වාහන අතර බී.එම්.ඩබ්ලිව්. මෝටර් රථ 1ක්, ෆෝර්ඩ් එවරස්ට් රථ 02ක්, හුන්ඩායි ටෙරකැන් රථ 01ක්, ලෑන්ඩ් රෝවර් ඩිස්කවරි රථ 02ක්, මිට්සුබිෂි මොන්ටෙරෝ රථ 01ක්, නිසාන් පෙට්‍රල් රථ 03ක්, නිසාන් වර්ගයේ මෝටර් කාර් 02ක්, පොෂේ කැයිනි මෝටර් රථ 01ක්, ෂැනේයාන් රෙක්ස්ටන් වර්ගයේ ජීප් රථ 05ක්, ලෑන්ඩ් කෲෂර් සහරා වර්ගයේ රථ 01ක්, V 8 රථ 06ක්, සහ මිට්සුබිසි රෝසා වර්ගයේ වායු සමීකරණය කළ බස් රථයක් ඇතුළත් විය.
ජනාධිපති කාර්යාලය සඳහන් කරන්නේ රජයේ වියදම් කපා හැරීම සහ මූල්‍ය වගවීම ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම වාහන විකිණීමට තීරණය කර ඇති බවයි. මෙම ක්‍රියාමාර්ගය රජයේ සම්පත් යෝග්‍ය ලෙස කළමනාකරණය කිරීමේ සහ රාජ්‍ය වියදම් ප්‍රශස්ත මට්ටමකට පත් කිරීමේ වැඩපිළිවෙළේ කොටසක් ලෙස හඳුන්වා දී තිබේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here